බැරීගේ සිහිනය

  • -10%
    barige sihinaya barak obamabarige sihinaya barak obama
    (0)

    බැරීගේ සිහිනය – බරක් ඔබාමා Barige Sihinaya – Barak Obama

    ගේ ජිවිතය සිහිනයක් යයි මට වරෙක සිතේ. මගේ කතාව තරම් දුක්ඛිත කතාවක් ලෝකයේ කිසිදු නායකයෙකු සතුව ඇත්දැයි මට වරෙක සිතේ. හවායි දූපතේ මව සමඟ ජීවත් වූ පුංචි කොලු පැටියා ඇමෙරිකාව වැනි විශාල රටක ජනාධිපතිවරයා වේ යැයි කවුරුවත් නොසිතු බව මට සහතිකය. මා හදා වඩා ගත් මවද, මගේ මිත්තණියගේ සෙනෙහස ලැබූ මමද, මේ පිළිබඳව කිසි දිනක නොසිතුවෙමි. එහෙත් මගේ දෛවය මෙසේ විය. එය වෙනස්ය. එය වෙනස් කළේ කවුරුන්ද? එය වෙනස් කළේ දෙවියන් විසින්මය. එය මගේ විශ්වාසයයි.

    මම සෙනෙට් සභිකයෙකු වී පසුව ඇමෙරිකානු කොන්ග්‍රසයේ සෙනෙට් සභිකයෙකු ලෙස පත්ව ජනපති ධුරය හිමිකර ගන්නාතුරු මගේ කතාවේ සුන්දර අවස්ථා එමට යයි කිව නොහැකිය. මගේ ධෛර්යය හා ශක්තියද මා ළඟින් සිටි මිෂෙල්ගේ සෙනෙහස මුසු වූ සහයද සමඟ මම අභියෝග මැදින් ඉදිරියට ගියෙමි.

    2004 වසරේ ඉලිනොයි ප්‍රාන්තයේ සෙනෙට් සභික ධූරය ලබා ගැනීමත් සමඟ මම දේශපාලන දිවි ගමන ආරම්භ කළා යැයි මට සිතේ. සෙනෙට් සභික ධුරය ලබාගෙන මා කළ පළමු දේශනයේද මට ජනතාවට කියන්නට බොහෝ දේ තිබිණි. මාගේ මේ දේශනය අසන්නට ප්‍රාන්තයේ මට හිතවත් ජනතාව පැමිණ සිටියහ. ජනතාව ඉදිරියේ මෙලෙස කතා කරන්නට ලැබීම මා ලැබූ ගෞරවයක් යයි මම ඔවුන් ඉදිරියේ පවසා සිටියෙමි.

    මාගේ ජිවිතය සිහිනයක් බඳු යැයි පැවසීමට මට බොහෝ කරුණු ඇත. මා බොහෝ විට සිහින දුටුවෙමි. එහෙත් ඒ සිහින

    Rs. 855.00