විලියම් සහ මැයි රජ්ජුරුවෝ

  • -10%
    (0)

    විලියම් සහ මැයි රජ්ජුරුවෝ – William saha mai rajjuruwo

    මැයි රජ්ජුරුවෝ මේ දවස් වල විලියම් ගේ හිතට දැනෙන්නේ පුදුමාකාර විදිනේ කම්මැලිකමක්. එයා ඉස්කෝලේ යන්නෙත් හරිම උදාසීන විදිහට. පාඩම් කරන්න, පාඩම් වලින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වුණත් විලියම් ටිකක් වත් කැමැති නෑ. ඇත්තටම මේ වගේ උදාසීන කමක් විලියම් ට දනෙන්න පටන්ගත්තේ එයාව අළුත් පාසලකට යවන්න අම්මයි තාත්තයි තීරණය කරපු දවසේ ඉඳලයි. විලියම් මෙච්චර දවසක් ගියේ පිරිමි ළමයින් විතරක් ඉගෙන ගන්න ඉස්කෝලෙකට. හැබැයි ගැහැණු ළමයිනුයි. පිරිමි ළමයිනුයි එකට ඉගෙන ගන්න මිශ්‍ර ඉස්කෝලෙකට ගියොත් විලියම් ගේ මුරණ්ඩුකම් අඩු වෙයි කියලා හිතපු අම්මයි, තාත්තයි දෙන්නා එයාව මිශ්‍ර ඉස්කෝලෙකට ඇතුළු කෙරුවා. තමන්ට හුරු පුරුදු ඉස්කෝලේ නැතිව වෙන ඉස්කෝලෙකට ආපු නිසා විලියම් ගේ හිතට මහා පාළුවක් වගේම පුදුමාකාර විදිහේ උදාසීන කමකුත් දැනෙනවා. අදත් ඒ වගේ දවසක්. විලියම් පුටුවක් උඩ වාඩි වෙලා දවල් හීනයක් දැක දැක ඉන්න කොට පංති භාර ගුරුතුමිය වන ඩිහර්ස්ට් මෙන විය ඇවිත් පංතියේ ළමයින් ට කථා කෙරුවා. ඩිහර්ස්ට් මෙනවිය කථා කරන්නේ බොහෝම සාමාන්‍ය විදිහට ඒ නිසා විලියම් ඇයට පුංචි කැමැත්තක් දක්වනවා.

    Original price was: Rs. 680.00.Current price is: Rs. 612.00.