Close
-
(0)By : Robin Sharma
සාර්ථකත්වයේ රහස – Sarthakathwaye rahasa
මා කුඩා කාලයේ දී එක් දිනක් මගේ පියා සංස්කෘතික ශ්ලෝකයක් පරිවර්තනය කරමින් කිසි දිනක මට අමතක නොවන යමක් පැවසීය. පුතා ඔබ උපන් වෙලාවේ අනික් කවුරුත් සතුටු වෙද්දී ඔබ විතරක් ඇඩුවා. යම් දිනක මෙලොව හැරයන විට සෙසු අය හඬා වැටෙන තත්ත්වයකට ඔබ ඔබේ ජීවිතය සකස් කරගැනීම අවශ්‍යයි.’ ජීවිතය යනු කුමක්දැයි යන්න අපට අමතක වූ කාලයක අපි ජිවත්වෙමු. කිසිදු කරදරයක් නැතිව මිනිසෙකු හඳට යැවිය හැකි නමුත් අලුතින් පැමිණි අසල් වැසියෙකු හමුවීමට ඉදිරිපිට ඇති විදිය හරහා කරදරයකින් තොරව පා ගමනින් යාමට අපට නොහැකිව ඇත. අපට එකිනෙකා සමග සහ සම්බන්ධ වීමට අවශ්‍ය තාක්ෂණය අප සතුව ඇතත්, වර්තමානයේ තරම් අප එකිනෙකාගෙන් දුරස්ථව සිටි කාලයක් මානව සංහතිය තුළ තිබී නැත. කවර කාලයකටත් වඩා අප කරුණු කාරණා දැන සිටියත් මනුෂ්‍යයෙකුට සැබවින්ම වැදගත් වන්නේ කුමක් ද යන්න පිළිබඳව අපට නිසි අවබෝධයක් නැත.
Rs. 800.00Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.
