-
(0)By : Howard carter
තූතන්කහමන් ගේ සොහොන් ගැබ
අප ගේ අධි බලැති විදුලි පන්දමේ ආලෝකය පළමුවෙන් ම සුසානාගාරය තුළ පතිත වූ විට අප තුළ ඇති වූ යේ වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි නිම්හිම් නැති සතුටකි. “අවන්ති ” ගේ දූතයන් ගේ රූප ද, තුනන්න්කහම ගේ සිරුර ඒ දේශයේ ප්‍රධානීන් විසින් යම් කිසි දෙයක තබා ” ආයි” රජු ඉදිරියට ඇදගෙන එනු ද එහි චිත්රණය කොට තිබිණ. එමෙන් ම, ඒ කුටිය තුළ තැන්පත් කොට ඇති බොහෝ රන් භාණ්ඩ ද….. 1922 දී තූනන් කහමන්ගේ සොහොන සොයා ගැනීම, නිම්නයේ කරන ලද එකම සුවිශේෂ වූද, එකම වූ ද, සොයා ගැනීම ලෙස පුරාවිද්‍යා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇත. අන් ශ්‍රේෂ්ඨ ෆේරෝ රජවරුන්ගේ සුසානගාර මෙන් නොව. මේ ළමා රජු. තූතන්කහමන්ගේ සුසානාගාරය වසර තුන්දහසක් තිස්සේ. නිදන් හොරුන්ගේ ආක්‍රමණයට හසු නොවී නිරුපද්‍රිතව තිබී ඇත. ඒ සුසානාගාරය සොයා ගත් අය හට සිතීමටත් බැරි තරම් මහා උත්කෘෂ්ටවත් වූ වස්තු සම්භාරයක් මෙන් ම තොරතුරු සම්භාරයක් ද හමු විය. මේ වස්තූන් අතර, යුද රථ, පුටු, හෙප්පු යනාදියේ සිට” බටහිර මහා රාජෝත්තමයාණන් ගේ ‘ පූජනීය සොහොන ද දක්නට ලැබිණ.
Rs. 1,900.00Original price was: Rs. 1,900.00.Rs. 1,710.00Current price is: Rs. 1,710.00. -
(0)By : Fredrick forsyth
යුද බල්ලෝ
ගුවන් නියමුවා කැප් තොප්පියක් පැළඳ සිටියේ නැත. ඒ නිසා ආචාර කිරීමක් හැටියට ඔහු හිස මඳක් ඉදිරියට නැමුවේ ය. මේ දෙය මින් පෙර කළු ජාතිකයකුට ඔහු කිසි දිනෙක කර තිබුණේ නැත. ඒ අවස්ථාවේ ද එසේ කළේ මන්ද යත් ඔහුට ම තේරුම් ගැනීමට අපහසු විය. මා ගේ නම කපිතාන් වැන් ක්ලිෆ්.’ යි ඉංගිරිසි බසින් කීවේ ය. එහෙත් එම උච්ඡාරණයේ අමෙරිකන් උරුවක් තිබිණ. අප්‍රිකන් ජාතිකයා හිස සෙලැවීමෙන් ඔහු කී දේ අනුමත කළේය. ඔහු ගේ බූසියක් වන් යටි රැවුල ඔහු ගේ කැලෑ නිල ඇඳුමේ ස්පර්ශ විය. ” මේක ගුවන් යානයක් පදවන්නට බොහොම දුෂ්කර රාත්‍රියක් කපිතාන් වෑන් ක්ලීෆ්” ඔහු කීවේ ය. ” ඒ වගේ ම අපිට බඩුත් ලැබීම ප්‍රමාද වෙලා.” ඔහු ගේ කට හඬ ගැඹුරු විය. උච්ඡාරණය එංගලන්ත ප්‍රසිද්ධ පාසල් වල සිසුන් ගේ උච්ඡාරණය මෙන් විය. සත්තකින් ම ඔහු එංගලන්තයේ අධ්‍යාපනය ලැබුවෙකු විය. අඳුරේ දුෂ්කර ගමනේ යෙදෙද් දී ද ඔහු තමා ගෙන්ම බොහෝ විට අසා ගත් ප්රශ්නය වූයේ මෙවන් දුෂ්කර ගමනක තමා මෙහෙය වීමේ හේතුව කුමක් ද යන්නයි. ” මම කිසි ම බඩුවක් ගෙනාවේ නැහැ සර්. ගේන්ඩ තව ඉතිරි වී කිසිවක් තිබුණේ නැහැ. තවත් වරක් වචනය ලිස්සා ගියේ ය. ඒ පුරුද්ද නිසාය. එහෙත් මින් පසු තමන් මේ මිනිසාට වෙසෙසින් ම මේ කාපිරියාට “සර්” නොකීමට ඔහු තීරණය කළේය. ලිබ්‍රෙවිල් හි ඔහුට අවන්හලේ දී හමු වූ, කුලියට මිනීමරන සෙසු අයට වඩා මොහු වෙනස් විය. ” එහෙනම් ඇයි තමුසේ ආවේ?” යි ජනරාල්වරයා මෘදු ස්වරයෙන් ඇසුවේ ය.” සමහර විට ළමුන් රැගෙන යන්න වෙන්න ඇති. කන්‍යා සොහොයුරියනුත් ඉන්නවා
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00. -
(0)By : Sydney Smith
ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්
සිල් තබන ලද පාර්සලයේ වූයේ කුඩා ඇට කැබලි තුනෙකි. එහි පුදුම වීමට කිසි ම දෙයක් නොමැත. මෙවන් පාර්සල් කයිරෝවේ අධිකරණ වෛද්‍ය අංගයට නිරතුරුව ම ලැබෙන හෙයිනි. දැනුදු එය එසේ විය යුතුය. ඉතා තද උණුසුම නිසා මළ සිරුර විගස කුණු වී ඕජස් ගැලීමේ තත්ත්වයට පත්වන අතර වැඩිකල් නොයා ඒවා ඇටසැකිලි බවට පත් වේ. මෙයට වසර තිහ හතළිහකට පෙර මේ ඇට සැකිලි වලට සම්ප්‍රදායානුකූලව හිමි භූමදානය නො ලැබිණි. මේ පාර්සලය සමග ඒවා තිබූ පොලිස් වාර්තාවේ ද වඩා විශේෂත්වයක් නො වී ය. මේ ඇට කැබැලි වසා දමා තිබූ ළිඳක් යළි කණිද්දි හමු වූ ඒවා ය. එය අහඹු සොයා ගැනීමක් වූ අතර සුපුරුදු ක්‍රියාදාමය සම්පුර්ණ කරවනු වස් පොලීසිය විසින් ඒවා පරීක්ෂණ සඳහා මාගේ රසායනාගාරය වෙත ඉදිරිපත් කර තිබිණි. ඒවා ළිඳට වැටී මිය ගිය යම් සතකුගේ ඇට කැබැලි වීමට බොහෝ විට ඉඩ තිබිය හැකි ය. පොලීසියට වුවමනා වූයේ මේවා මිනිසකු ගේ ඇට සැකිලි ද නොවේද යන්න තිර කර ගැනීමට යි. මේවා පරික්ෂා කළ පසු මට එයට වඩා බොහෝ දේ කිව හැකි විය. මේවා තරුණ කාන්තාවකගේ ඇට කැබැලියි” මම වාර්තා කෙළෙමි.
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00. -
(0)By : Fredrick forsyth
වෘකයාගේ දවස
තම ජීවිතයේ අවසන් වරට සුයා ලෝකය දෙනෙතින් වසන් කරමින් දෙනෙක් වටා රෙදි කඩ බැඳී යත් දී ලුතිනන් කර්නල් ජින් මාරි බැස්ටියන් තෙයිරි ගේ පාද බොරළු මත ඇතිල්ලුණේ තම ආතතිය මඳක් පාලනය කර ගැනීමට මෙනි. සොල්දාදුවන් විසි දෙනෙකු ගේ රයිෆල් වල බෝල්ට් නිසි ස්ථානයට ගෙන ඒමේ දී නැඟුණු හඬින් පූජකවරයාගේ මුණු මුණුව බොඳ වී ගියේය. සොල්දාදුවන් විසි දෙනා තම කෙටි අත් තුවක්කුවල කොකුන් නිසි තැනට ගෙන ගිනි බිඳීමට සූදානම් වූහ. කොටු පවුරින් පිටත ට්‍රක් රථයක් තදින් තම නළාව හඬවනු ඇසිණ. ඒ කණ්ඩායමේ අණදෙන නිලධාරිගේ ඉලක්කය ගනු. යන අණ කිරීමේ හඬින් ඒ නළාවේ ශබ්දය මැකී ගියේ ය. ගිනි අවි විස්ස එකවර නිකුත් කළ වෙඩි හඬින් ගස්වල වසා සිටි පරෙවි රෑන අහසට ඉගිලී ගියා විනා නගරයේ නිවෙස්වල නිදා අය ගේ නින්දට බාධාවක් නොවීය. ඒ සමඟම ඒ වෙඩි හඬ ද පවුරින් පිට ඇසෙන්නට වූ වාහන හඬින් මැකී ගියේය.
Rs. 1,450.00Original price was: Rs. 1,450.00.Rs. 1,305.00Current price is: Rs. 1,305.00. -
(0)By : Fredrick forsyth
සංසන්ධිකයා
එම වාර්තාව ඔහු විසින්ම උපස් වීම් දී ඉහළ තත්වයට ගෙනෙන ලද ඔහුගේ රැකවරණය මත සිටින ඉතා කවිපර තරුණ මේජර් ජනරාල්වරයෙකුගෙන් ලැබුණකි. එම නිලධාරියා ඔහු විසින් කාබුල් සිට කැඳවාගෙන එන ලදී. කැමින්ස්හි වූ කලී උගත් තැනැත්තෙහි ගැඹුරට කල්පනා කිරීමේ දක්ෂතා ඇති අයෙකි. එමෙන්ම සංවිධාන කටයුතු සඳහා අති දක්ෂයෙකි. මාෂල්වරයා විසින් මහුට හමුදා මෙහෙයුම් සඳහා ඇවැසි සියලු කටයුතු සම්පාදනය හා කාර්ය සංවිධාන අංශයේ දෙවැනි ඉහළම ස්ථානය දුන්නේය. බොහෝ යුද්ධ ජ්‍යග්‍රහණය කරන්නේ හුදෙක්, ධෛර්යය, කැපකිරීම හෝ අතිදක්ෂ ජනරාල්වරුන් නිසා පමණක් නොව. නියම ස්ථානයේ, නියම වේලාවට, නියම අවි ආයුධ උපයෝගී කර ගනිමින් කරන සටනින් බව, සටන් බිමේ බොහෝ පලපුරුදුකම් ඇති අති දක්ෂ, පරිණත යුද සෙබලෙකු වූ කොස් ලොව් දැන සිටියේය. ටාලින් විසින් මාතෘ භූමිය සතුරන්ගෙන් බේරා ගැනීමට, පැරණි ආයුධ වලින් සන්නද්ධව 1938 දි කරන ලද උත්සාහයේදී, ඉතා නවීන ආයුධ වලින් මනා සේ ආයුධ සන්නද්ධව සිටි ජර්මානු හමුදාවේ යුද ටැංකි, රතු හමුදාව සුනු විසුණු කරමින් ඉදිරියට පැමිණි අයුරු, එවකට දහ අට හැවිරිදි හමුදා භටයෙකුව සිටි ඔහු විසින් ලබන ලද අත් දැකීම ඔහුට තවමත් මතක ඇත.
Rs. 1,750.00Original price was: Rs. 1,750.00.Rs. 1,575.00Current price is: Rs. 1,575.00.




