-
තැනිතලාවේ පිහිටි කුඩා නිවස – Thenithalawe pihiti kuda niwasa
Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත්, ත්‍රාසජනක අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරීම සඳහා හොඳම තැනක් සම්බ වන තුරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැඟී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින්, සී සාමින්, වල් තාරාවුන් සහ කළු කුමන් දඩයම් කරමින්, එළදෙනුන්ට කෑම සඳහා තණ කොළ එක් රැස් කරමින් කාර්ය බහුල වෙයි. ඇතැම් වේලාවට ජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්චිත්, අම්මාත්, මේරි සහ කේත් ඔවුන්ගේ කුඩා නිවසේ ප්‍රීතිමත් කාලයක් ගත කරති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ දෙවැන්නයි.
-
මිදි ඔය අසබඩ – Midi oya asabada
Original price was: Rs. 1,120.00.Rs. 880.00Current price is: Rs. 880.00.යළිත් ආවරණය කළ ගැලේ නැඟී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුහු සොඳුරු මිදි ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නට පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව් වලින් සවි කළ දොරක් ඇති අපුරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරය මේරි ගෙදර දොරේ වැඩපළට උදව් වෙති, ඔයේ මසුන් අල්ලති. පළගැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප්‍රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හතර වැන්නයි.
-
මේ මිහිරැති සොඳුරු සමය – Me mihirathi sonduru samaya
Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00.කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමු වැනි වතාවට නිවසින් පිට වී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කෙතේ නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරිගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරීමත් කරගෙන රැකියාව කරයි. ඈත්, අල්මන්සෝ වයිල්ඩර්ස් අතර පවතින මිතුරුදම ක්‍රමයෙන් වැඩි වර්ධනය වී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වෙති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ අටවැන්නයි.
-
රිදී විල් තෙර – BY THE SHORES OF SILVER LAKE-Ridi wil thera
Original price was: Rs. 1,150.00.Rs. 920.00Current price is: Rs. 920.00.මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩ කෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම් සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේර් සහ කෙරේ සමඟ රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදෙවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමු වැනි ගොඩනැගිල්ල කදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී අවසන් වෙයි.
-
සීතලෙන් සිත වුණු සීත සමය – THE LONG WINTER -seethalen seetha wuna seetha samaya
Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.හිම කුණාටු මුළු නගරය සම්පුර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමූ අතරේ ජීවත් වීම සඳහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරිට සහ කේරීටත් සිදුවෙයි. නගර වැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සේ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලන්ඩ් තිරිඟු සොයා බිහිසුණු ගමනක යෙදෙති. අන්තිමේදී අසාමාන්‍ය එහෙත් අතිශයින් ප්‍රමුදිත නත්තලක් සමරන්නට ඔවුන්ට හැකි වෙයි. මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හය වැන්නයි.




