-
නිහඬ නොවූ සාක්ශි 1 – Nihanda nowu sakshi
Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයෙකුව සිටි අවධියේ මා නේවාසිකව සිටියේ මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේය. දිනක් රාත්‍රියේ මා එහි අංක නමය දරන කාමරයේ පාඩම් කරමින් සිටිනා විට එහි ඉහළ මාලයේ කථිකාචාර්යවරුන්ගේ සාදයක් පැවතියේය. මෙය මා හට මහත් කරදරයක් වූයෙන් එයට විරෝධය පළකළ මා සමඟ කළහයට පැටලුණේ එක්තර කථිකාචාර්යවරයෙකි. මා දන්නා තරමින් ඔහු ඉගැන්වීමෙහි අතිදක්ෂ දීප්තිමත් කථිකාචාර්යවරයෙක් විය. එමෙන්ම පියවි ජීවිතයේ ඉතා සුහද පුද්ගලයෙක් විය. එහෙත් මධුවිතින් මත්ව සිටි ඔහු මා සමඟ දරුණු අරගලයකට සූදානම් වූ අතර, උපශාලාධිපතිතුමා සහ අනෙකුත් සිසුහු මැදිහත් වී එම අරගලය වහවහා සංසිඳ වූහ. තවත් වසරක පමණ කාළයක් අප මෙම ශාලාවේ විරසකයින් ලෙස කල් ගෙවන ලදී. කාලයාගේ ඇවෑමෙන් අපි දෙදෙනා හොඳ මිතුරන් බවට පත් වුණෙමු. ඒ අන් කිසිවක් නොව පියවි ජීවිතයේ ඔහුගේ ප්‍රියමනාප සහ සුහදශීලී බව නිසාමය. පසු කාලයක ඔහු මා අතිශයින් ප්‍රිය කළ පුද්ගලයන් අතළොස්සකගෙන් කෙනෙකු වූයේය. ඒ නිසාම පශ්චාත් උපාධිය සඳහා විදේශගත වන අවස්ථාවේදී ඔහුගේ සියලු නීතිමය ලියකියවිලි නීතිඥයෙකු ලෙස සහතික කළේ මා විසිනි. පසු කාලයක වෛද්‍ය විද්‍යාලයයේ අධ්‍යයන කටයුතු අවසන් කළ මා ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්යවරයකු ලෙස සේවයට බැඳුණෙමි. ඉන් අනතුරුව අපේ මිතුදම තව තවත් වර්ධනය වූයේය. විශ්ව විද්‍යාලයයේ පර්යේෂණ සැසිවාරයන්හි දි අපි නිතර හමු වුණෙමු.
