පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය

  • -10%
    (0)

    පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය -Percy jackson saha titange shapaya සවින්දි ආරියතිලක

    ශීත ඍතුවේ නිවාඩුවට කලින් සිකුරාදා. රැයක් ගත කරන්න උවමනා දේවල් සහ මාරාන්තික ආයුධ ගමන් මල්ලකට ඇහිරූ මගේ අම්මා මාව අලුත් බෝඩිම් ඉස්කෝලෙකට රැගෙන ගියා. යන අතරමග දී අපි ඇනබෙත්ව සහ තාලියාව වාහනයට නංවා ගත්තා. නිව්යෝක්වල සිට මයින්වල බාර් හාබර් දක්වා යාමට පැය අටක් ගත වුණා. හිම වැස්සක් අධිවේගී පාරට පහර දෙමින් තිබුණා. ඇනබෙත්. තාලියා සහ මම මාස ගාණකින් මුණ ගැසී තිබුණේ නැහැ. ඒත් මේ හිම කුණාටුව සහ අපි කරන්න සූදානමින් සිටි දේ ගැන සිතුවිල්ල නිසා වැඩිදුර කතා කරන්න බැරි තරමට අපි කලබල වෙලයි හිටියේ. හැබැයි ඒ මගේ අම්මා ඇරෙන්න. කලබල වුණ වෙලාවට එයා වැඩිපුර කරන්නේ තොරතාංචියක් නැතිව කියවන එක. අන්තිමේ දී අපි වෙස්ටෝවර් හෝල් වෙත ළඟා වෙනකොට කළුවර වැටෙමින් තිබුණා, ඒ වගේම මම පුංචි කාලේ කරපු හැම ලැජ්ජා හිතෙන වැඩක් ගැනම එයා තාලියාටයි ඇනබෙත්ටයි කියලා තිබුණා. කාරයේ ජනෙල් වීදුරුව මත බැඳුණු මීදුම පිස දමු තාලියා පිටතට එබිකම් කළා. ඔහු, නියමයි. මේක නම් ජොලි වැඩක් වෙයි.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.