මව්වත් හදවත්

  • -10%
    (0)

    මව්වත් හදවත්- Mawwath hadawath

    කොළවරුසාවේ කතාවැසියෝ ගහක් කොළක් වැඩෙන හැටි, මලක් ගෙඩියක් හටගන්න හැටි, පසත් පොළොවක් පෙරළෙන හැටි, ඉරක් හඳක් පායන හැටි, සතෙක් සිව්පාවෙක් ජීවත් වෙන හැටි ගැන බරක්පතලක් තේරුණු, යමක් කමක් දැන උන්න මිනිස්සු තමන්ගේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලාගෙන් අහපු කතන්දර. ඊළඟ පරම්පරාවකට තියන්න පටන්ගත්තේ, තමන් ජීවත්වෙන්න පණගැටගහගන්න අව් අස්සෙත් මොහොතක සතුටක් සැනසුමක් ඉස්පාසුවක් පාදා ගන්න විදියක් හැටියට වුණාට. කොළවරුසාව ගමේ උදවිය කතාන්දර කියන්න ගත්තේ, පුරුද්දක් විදියටම නෙමෙයි. හිතෙන් හදාපුවා අතින් ගොතාපුවා කටින් කියාපුවා හැටියටම නෙමෙයි. ඒ ඇයිද කියනවා නම්. ඒ උදවියට අමුතුවෙන් ගොතන්නෙ නැතිවම, කියන්න ඇත්තම කතන්දර ගෙයක් ගෙයක් හානේ ඉපදිලා තිබුණ නිසා. ගමේම වැඩිමල් උදවිය තම තමන්ගේ ඔලොගුවේ දාගෙන රැගෙන ආ කතන්දර එයින් ලෙහලා එළියට අරගෙන බාලොලියන්ට කියන වෙලාවට කවුරු කවුරුත් ඒවායෙ ඇත්ත නැත්ත ගැන විපරම් කළේ, මේවා වෙන ගම්වල කතන්දර වගේ හිතලු නොවුණු නිසායි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.