මානෙල් කරුණාතිලක

  • -20%
    (0)

    රැම්සීස්

    නෙත් හෙළූ කුළු හරකා ගල් ගැසී බලා නැවතුණේය. ඌ විශාලය, කළුය. උගේ දෙපා සෙල්මුවා කුලුනු මෙන් ශක්තිමත්ය. දෙපසට විහිදී ගිය විශාල කන් හා රැවුල ය. තරුණයා පැමිණි බව ඌට දැනුණේ මේ දැන් ය. දෙපසට විහිදී ගොස්, හරි මැදින් භා වෙන තරමට වැඩී තිබු උගේ අං යුවළ රැසිස්ගේ සිත පැහැර ගත්තේ ය. ඒ අං ඉදිරියට නැවී හෙල්මට් එකක් සේ පිහිටා තිබූ අතර කෙළවර උල් වී තිබිණි. මේ අවුරුදු දාහතර තුළ රැසිස් එවැනි කුළු මීමකු දුටු පළමු වතාව එයයි. ඌ තම නිසංසල වටපිටාවේ, තුවාල කරුවන් හා ලෙඩුන් ආරක්ෂා කරන එඩිතර පියෙක් විය. සෙසු ගවයින් විසින් වීරයකු බවට පත් කරන ලද පිරිමි සතෙක් විය. ඉතාම සුළු කලබලයකින් උගේ බිහිසුණු බව වැඩි වනු ඇත. ඇදහිය නොහැකි වේගයෙන් තම සතුරා වෙත පනිනු ඇත. ඌ එතරම්ම බිහිසුණුය. රෞද්‍රය. රැසිස්, පියවරක් පසුපසට තැබීය. මේ කරදරකාරයා දෙස තම රුදුරු නෙත් යොමා ගත් කුළු හරකා වලිගය ගසා දැමීය. මඳක් ඈතින්, උසට වැඩුණු පන් පඳුරු අතර එළදෙනක් පැටවකු ප්‍රසූත කරමින් සිටියාය. ඇගේ සහෝදර දෙනුන් ඈ වටකොට සිටගෙන හිඳිනු දක්නා ලදි.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -20%
    (0)

    රැම්සීස් 2- ramses 2

    රැමිසිස් තනිවම ඒ ගිනිගෙන දැවෙන වාලුකා කතර දෙස බලා සිටියේය. අපරාජිත් පිළිබඳ හෝඩුවාවක් බලාපොරොත්තුවෙන්. තවමත් ග්‍රහනය කර ගත නොහැකි වූ තම දෛවයට මුහුණ දී මුහු බලා සිටියේ ය. වයස අවුරුදු විසිතුනේ දී, රැසිස් කුමරු උස ක්‍රියාශීලී, ශක්තිමත් මාංශපේශි හා රත් පැහැයට හුරු රන්වන් කෙස් ඇති තරුණයෙක් විය. උස්ව පිහිටි පළල් නළල් තලය. දීප්තිමත් කුඩා දෑසට ඉහළින් පිහිටි ඝන ඇහි බැමි, සියුමැලි කන් පෙති, පිරුණු තොල්, හා ශක්තිමත් නිකට මේ ප්‍රසන්න තරුණයාගේ ආකර්ෂණීය බව වැඩි කරන්නට සමත් විය. දැනටමත් ඔහු දිනා ඇති දේ බොහෝ ය. පාරාවෝ සෙටිගේ බාල පුත්‍රයා ලෙස, රාජකීය ලේකම් වරයකු, යුද්ධ හමුදා නිලධාරියකු ලෙස ආ ගමන අන්තිමේදී ඔහුගේ පියාණන් විසින් රාජ්‍යයේ දෙවන බලකුරු – යුව රජු ලෙස නම් කෙරුණු අතර ආබිඩෝස් හි අභිරහස් ද කියා දෙන්නට යෙදිනි. සේටි අසහාය නායකයෙක් විය. තම රාජ්‍යයට සාමය හා සෞභාග්‍යය ගෙන ආ හෙතෙම, අසමසම, විශිෂ්ට රාජ්‍යයක් පිහිට වූ නායකයෙක් විය. එහෙත් දැන්, සුවිශේෂී වසර පහළොවක රාජ්‍ය පාලනයකින් පසුව සේටි මියගොස්ය.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    රැම්සීස් 4 – ramses 4

    රැමසිස්ගේ සුරතල් සිංහයා, අපරාජිත්, ඊජිප්තුවන් මෙන් ම සතුරු හමුදාවන් ද ගල් ගැසී යන සේ ගර්ජනා කළේය. ඒ අතිවිශාල සිංහයාගේ ගෙල වටා රන් කරපටියක් විය. ඒ ඔහු කාඩේහිදී හිටයිටින්ට එරෙහිව කළ සටනට ලද තිළිණයයි. ඔහු අඩි දොළහක් දිගය. රාත්තල් හය සියයකට වඩා බරය. ඔහුගේ ගෙල වටා, උරහිස් හා පපු පෙදෙස වසා සිටි කේශර, සිසිල් සුළගේ රැළි නැංවීය. කහ. තැඹිලි පැහැයක් ගත් ඔහුගේ සිනිඳු සම දීප්තිමත්ය. අපරාජින්ගේ වීරත්වය අධිරාජ්‍යය පුරා රැව් පිළිරැව් දුනි. තරුණ පාරාවෝ රැමසීස්, මහා රැමසිස් නමින් උදාරත්වයට පත්වීම සඳහා අපරාජිත්ගෙන් ලද සහාය නොදන්නා කෙනෙක් එහි නොවීය. කාඩේෂ් සටන ජයගත් රැමසීස්, මහා රැම්සීස් නමින් කාගේත් ගෞරවාදරයට පාත්‍ර විය. එහෙත්, හිටයිටින් දිගින් දිගටම රැම්සීස්ට අභියෝග කිරීමට පටන්ගෙන තිබිණි. ඉතින්; ඔහු ලැබූ ඒ උසස් බව සත්‍යයක් වේද?

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    රැම්සීස් 5 – Ramses 5

    බැස යන හිරු රැස් දහරින්. පි රැසිස් හි දොවොල් දිව්‍යමය රන් පැහැයෙන් බැබළිනි. මහා රැසිස් විසින් තනන්නට යෙදුනු මේ අගනුවර, එහි ගොඩනැගිලි මත තිබූ වර්ණවත් උළු හේතුකොට ගෙන නීල මාණික්‍ය නගරය යයි නම් ලද අතර නයිල් ඩෙල්ටාවේ ධනය, බලය හා අලංකාරය මූර්තිමත් කළ සිතුවමක් මෙන් විය. පි රැසිස් හි ජිවිතය සුවදායකය. එහෙත් ඒ නිසංසල, සෞම්‍ය සන්ධ්‍යාව හෝ රෝස පැහැයෙන් බබළන අහස, සාඩිනියානු යෝධයාට නම් සතුටක් ගෙනාවේ නැත. අං සහිත හිස් වැසුම පැළඳ, අසිපත පසෙකින් තබාගෙන සිටි ඔහු, හිටපු මුහුදු කොල්ලකරුවා, කරකවන ලද උඩු රැවුල ඇතිව ඉදිරියට ගියේ කෝපයෙනි. රැමසීස් ගේ පුද්ගලික ආරක්ෂකයා බවට පත්ව සිටි ඔහු මේ යන්නේ පසුගිය වසර කීපය නිවාස අඩස්සියේ සිටි යූරි ටෙෂප්ගේ මන්දිරය වෙතයි. හට්ටියේ හිටපු අධිරාජයා වූ මුවට්ටාලිගේ පුත් යූරි ටෙෂුප් රැසිස්ගේ ප්‍රබලත්ම සතුරා විය. දැඩි ලෙස රෝගාතුරව, මරණාසන්නව සිටි තම පියාගෙන් සිහසුන උදුරාගත් යූරි ටෙසූප්, පියාගේ සහෝදරයා වූ හට්ටු සිලි විසින් බලයෙන් පහ කරන්නට යෙදිනි. පසුව, ඊජිප්තු රාජදූත ප්‍රධානියා වූ ද, රැමිසිස්ගේ පාසල් මිතුරා වූද ආශා, සූරි ටෙෂප්ට හට්ටියෙන් පිට වෙන්නට උදවු කළේය.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.