වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර

  • -10%
    (0)

    නිහඬ නොවූ සාක්ශි 1 – Nihanda nowu sakshi

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයෙකුව සිටි අවධියේ මා නේවාසිකව සිටියේ මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේය. දිනක් රාත්‍රියේ මා එහි අංක නමය දරන කාමරයේ පාඩම් කරමින් සිටිනා විට එහි ඉහළ මාලයේ කථිකාචාර්යවරුන්ගේ සාදයක් පැවතියේය. මෙය මා හට මහත් කරදරයක් වූයෙන් එයට විරෝධය පළකළ මා සමඟ කළහයට පැටලුණේ එක්තර කථිකාචාර්යවරයෙකි. මා දන්නා තරමින් ඔහු ඉගැන්වීමෙහි අතිදක්ෂ දීප්තිමත් කථිකාචාර්යවරයෙක් විය. එමෙන්ම පියවි ජීවිතයේ ඉතා සුහද පුද්ගලයෙක් විය. එහෙත් මධුවිතින් මත්ව සිටි ඔහු මා සමඟ දරුණු අරගලයකට සූදානම් වූ අතර, උපශාලාධිපතිතුමා සහ අනෙකුත් සිසුහු මැදිහත් වී එම අරගලය වහවහා සංසිඳ වූහ. තවත් වසරක පමණ කාළයක් අප මෙම ශාලාවේ විරසකයින් ලෙස කල් ගෙවන ලදී. කාලයාගේ ඇවෑමෙන් අපි දෙදෙනා හොඳ මිතුරන් බවට පත් වුණෙමු. ඒ අන් කිසිවක් නොව පියවි ජීවිතයේ ඔහුගේ ප්‍රියමනාප සහ සුහදශීලී බව නිසාමය. පසු කාලයක ඔහු මා අතිශයින් ප්‍රිය කළ පුද්ගලයන් අතළොස්සකගෙන් කෙනෙකු වූයේය. ඒ නිසාම පශ්චාත් උපාධිය සඳහා විදේශගත වන අවස්ථාවේදී ඔහුගේ සියලු නීතිමය ලියකියවිලි නීතිඥයෙකු ලෙස සහතික කළේ මා විසිනි. පසු කාලයක වෛද්‍ය විද්‍යාලයයේ අධ්‍යයන කටයුතු අවසන් කළ මා ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්යවරයකු ලෙස සේවයට බැඳුණෙමි. ඉන් අනතුරුව අපේ මිතුදම තව තවත් වර්ධනය වූයේය. විශ්ව විද්‍යාලයයේ පර්යේෂණ සැසිවාරයන්හි දි අපි නිතර හමු වුණෙමු.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    නිහඬ නොවූ සාක්ෂි 2 – nihanda nowu sakshi

    මෙහි අඩංගු අපරාධ දහ හතරෙහි කථා නායකයින් මිය ගිය ද ඔවුන් නිසා අධිකරණ වෛද්‍ය විද්‍යාව තවදුරටත් පෝෂණය විය. ඒ ඔවුන්ගේ මරණ පිළිබඳව අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් සිදු කළ සංකීර්ණ පරීක්ෂණ හේතුවෙනි. එබැවින් මම ඒ සියලු දෙනා යළි යළිත් සිහිපත් කරමි. ඔවුනට කරන ගෞරවයක් ලෙසින් සියලුම නම් ගම් මනඃකල්පිතව තබමි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    නිහඬ නොවූ සාක්ෂි 3 – nihada nowu sakshi

    එක්තරා වනාන්තරයක තිබී හමුවූ කාන්තා මෘත ශරීරයකි. එය සොයාගන්නා විට සෑහෙන පමණ නරක් වී තිබූ අතර මැස්සත් සහ වෙනත් කෘමීන් රාශියක් ශරීරයේ සමහර තැන් වසා බිත්තර දමා තිබිණි. ඒ අතර ඔවුන්ගේ ජීවන චක්‍රයේ පිළවා අවස්ථාවද බෙහෙවින් දක්නට ලැබිණි. පශ්චාත් මරණ පරීක්ෂණයක්ද පවත්වනු ලැබූ මුත් කෘමීන් සහ සතුන් ශරීරයේ සමහර කොටස් කා දමා තිබූ නිසාත් සැහෙන පමණ නරක් වී තිබූ නිසාත් මරණයට හේතුවක් සොයාගත නොහැකි විය. එහෙත් මෘත ශරීරය සොයාගත් ස්ථානය අසල තිබී හිස් වස කුප්පියක්ද සොයා ගත් බැවින් මෙම තැනැත්තිය වස පානය කරන්නට ඇතැයි ද එය සියදිවි නසා ගැනීමක් යැයිද අවසානයේ තීරණය කරන ලදී.

    Original price was: Rs. 450.00.Current price is: Rs. 405.00.
  • -10%
    (0)

    නිහඬ නොවූ සාක්ෂි 4 – nihada nowu sakshi

    පොලිස් අත්අඩංගුවේ සිටියදී හදිසියේ මියගිය රූමත් තරුණිය පේරාදෙණිය, මහනුවර පාරේ පිහිටි සුපිරි වෙළෙඳ සළකට, ආරෝහ පරිණාහ දේහයකින් යුතු රූමත් තරුණියක් ගොඩ වැදුණාය. එම අවස්ථාව තරමක් කාර්ය බහුල වූ හෙයින් ඇය කිසිවකුගේ විශේෂ අවධානයක් දිනා නොගත්තාය. වෙළෙදසළේ ඔබ මොබ ඇවිද තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් තෝරාගෙන ඒ සඳහා මුදල් ගෙවනු පිණිස ඇප මුදල් අයකැමිවරයා වෙතට පැමිණියාය. අනතුරුව රුපියල් දාහේ නෝට්ටුවකින් ඇයගේ බිල ගෙවා දැමීමට සැරසුණා පමණි. සුපිරි වෙළෙඳ සෙළේ කළමනාකාරවරයා සිය කාර්යාල කාමරයේ සිට වහ වහා මුදල් කවුන්ටරය වෙත පැමිණියේය. පෙර කී තරුණිය ගෙවා දැමීමට සුදානම් වන බිල්පත, මුදල් අයකැමිවරයාගෙන් ලබාගෙන ඒ සමඟ තරුණිය සන්තකයේ වූ භාණ්ඩ සමඟ සසඳ බැලීය. ඉන් සෑහීමකට පත් නොවූ ඔහු තරුණියගේ අත් බෑගය පරීක්ෂා කර බැලීම සඳහා ඉල්ලා සිටියේය. එහෙත් ඇය ඒ සඳහා තරයේ විරුද්ධ වූවාය. එහෙත් සිදුව තිබුණේ වෙනත් යමකි. කළමනාකාරවරයා තම කාර්යාලයේ තිබූ රූපවාහිනි තිරයෙන් ඊට සම්බන්ධ කැමරා පද්ධතිය හරහා වෙළෙඳසළේ සිදුවන දෑ නරඹමින් සිට ඇත. ඒ අතරවාරයේ මෙම තරුණිය අනර්ඝ වටිනාකමකින් යුත් සමහර දෑ ඇයගේ අත් බෑගයට දමා ගන්නවා ඔහු නිරීක්ෂණය කර තිබිණි.

    Original price was: Rs. 350.00.Current price is: Rs. 315.00.