සංසන්ධිකයා

  • -10%
    (0)

    සංසන්ධිකයා

    එම වාර්තාව ඔහු විසින්ම උපස් වීම් දී ඉහළ තත්වයට ගෙනෙන ලද ඔහුගේ රැකවරණය මත සිටින ඉතා කවිපර තරුණ මේජර් ජනරාල්වරයෙකුගෙන් ලැබුණකි. එම නිලධාරියා ඔහු විසින් කාබුල් සිට කැඳවාගෙන එන ලදී. කැමින්ස්හි වූ කලී උගත් තැනැත්තෙහි ගැඹුරට කල්පනා කිරීමේ දක්ෂතා ඇති අයෙකි. එමෙන්ම සංවිධාන කටයුතු සඳහා අති දක්ෂයෙකි. මාෂල්වරයා විසින් මහුට හමුදා මෙහෙයුම් සඳහා ඇවැසි සියලු කටයුතු සම්පාදනය හා කාර්ය සංවිධාන අංශයේ දෙවැනි ඉහළම ස්ථානය දුන්නේය. බොහෝ යුද්ධ ජ්‍යග්‍රහණය කරන්නේ හුදෙක්, ධෛර්යය, කැපකිරීම හෝ අතිදක්ෂ ජනරාල්වරුන් නිසා පමණක් නොව. නියම ස්ථානයේ, නියම වේලාවට, නියම අවි ආයුධ උපයෝගී කර ගනිමින් කරන සටනින් බව, සටන් බිමේ බොහෝ පලපුරුදුකම් ඇති අති දක්ෂ, පරිණත යුද සෙබලෙකු වූ කොස් ලොව් දැන සිටියේය. ටාලින් විසින් මාතෘ භූමිය සතුරන්ගෙන් බේරා ගැනීමට, පැරණි ආයුධ වලින් සන්නද්ධව 1938 දි කරන ලද උත්සාහයේදී, ඉතා නවීන ආයුධ වලින් මනා සේ ආයුධ සන්නද්ධව සිටි ජර්මානු හමුදාවේ යුද ටැංකි, රතු හමුදාව සුනු විසුණු කරමින් ඉදිරියට පැමිණි අයුරු, එවකට දහ අට හැවිරිදි හමුදා භටයෙකුව සිටි ඔහු විසින් ලබන ලද අත් දැකීම ඔහුට තවමත් මතක ඇත.

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,575.00.