-
(0)By : Rick Rioden
පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය -Percy jackson saha titange shapaya සවින්දි ආරියතිලක
ශීත ඍතුවේ නිවාඩුවට කලින් සිකුරාදා. රැයක් ගත කරන්න උවමනා දේවල් සහ මාරාන්තික ආයුධ ගමන් මල්ලකට ඇහිරූ මගේ අම්මා මාව අලුත් බෝඩිම් ඉස්කෝලෙකට රැගෙන ගියා. යන අතරමග දී අපි ඇනබෙත්ව සහ තාලියාව වාහනයට නංවා ගත්තා. නිව්යෝක්වල සිට මයින්වල බාර් හාබර් දක්වා යාමට පැය අටක් ගත වුණා. හිම වැස්සක් අධිවේගී පාරට පහර දෙමින් තිබුණා. ඇනබෙත්. තාලියා සහ මම මාස ගාණකින් මුණ ගැසී තිබුණේ නැහැ. ඒත් මේ හිම කුණාටුව සහ අපි කරන්න සූදානමින් සිටි දේ ගැන සිතුවිල්ල නිසා වැඩිදුර කතා කරන්න බැරි තරමට අපි කලබල වෙලයි හිටියේ. හැබැයි ඒ මගේ අම්මා ඇරෙන්න. කලබල වුණ වෙලාවට එයා වැඩිපුර කරන්නේ තොරතාංචියක් නැතිව කියවන එක. අන්තිමේ දී අපි වෙස්ටෝවර් හෝල් වෙත ළඟා වෙනකොට කළුවර වැටෙමින් තිබුණා, ඒ වගේම මම පුංචි කාලේ කරපු හැම ලැජ්ජා හිතෙන වැඩක් ගැනම එයා තාලියාටයි ඇනබෙත්ටයි කියලා තිබුණා. කාරයේ ජනෙල් වීදුරුව මත බැඳුණු මීදුම පිස දමු තාලියා පිටතට එබිකම් කළා. ඔහු, නියමයි. මේක නම් ජොලි වැඩක් වෙයි.
Rs. 1,250.00Original price was: Rs. 1,250.00.Rs. 1,125.00Current price is: Rs. 1,125.00. -
(0)By : Victoria halt
රජ බිසවකගේ පාපොච්චාරණය – Raja bisawakage papochcharanaya
තොටිල්ල ඉහ අද්දර මැවුණු සිහසුනක හා ප්‍රංශ වධකයකුගේ ද දසුන් සමගින් මා උපත ලද බැව් කියනු ලැබීය. නමුත් මෙසේ පවසන ලද්දේ මගේ උපතින් බොහෝ කලකට පසුවය. කාලය ගත වෙද්දී, ගෙවුණු කාලය තුළ කරුණු සිදු වූ ආකාරය මේ යයි කාලය විසින් දක්වා ඇති කල්හි, පෙර දවස පළ කෙරුණු අනාවැකි හා සංකේතද මතකයට ඒම වළක්වා ලිය නොහැක්කකි. ඇත්ත වශයෙන්ම, මගේ උපත මගේ මවට මඳ අපහසුතා ගෙන දුන් එකක් වූයේ මා ඉපදුණේ හත් අවුරුදු යුද්ධය ආරම්භ වීමට ඉතා ආසන්නව තිබියදී වීම නිසාත්, ඇයගේ බිළිඳු දියණියට වඩා, යුද කාර්යය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ඇයට සිදු වූ නිසාත්ය. මා උපත ලැබූ මොහොතේ පටන්ම ඇය රාජ්‍ය කටයුතු වල නිරත වූවාය.
Rs. 1,450.00Original price was: Rs. 1,450.00.Rs. 1,160.00Current price is: Rs. 1,160.00.

