-
(0)By : Samuel Baker
ලංකාවේ ගිනිඅවි සහ දඩයම් Gini avi saha dadayam
ප්රදේශය නොදුටු අයකුට ඒ ප්රදේශය පිළිබඳ මනා වැටහීමක් ඇතිවන ආකාරයට යම් කිසි කැලැබද ප්රදේශයක් විස්තර කිරීම දුෂ්කර ය. එහෙත් විදේශයක දඩ කෙළියේ නො යෙදුන, ඒ ප්රදේශය නොදුටු අයකුගේ සිත් ඇද ගන්නා ආකාරයට ඒ පිළිබඳ විස්තර කිරීමට නම්, ඒ ප්රදේශය පිළිබඳ මනා පැහැදිලි විස්තරයක් කළ යුතු ම ය. මෙ වන් දඩ කෙළි සිදු කරන ලද භුමි භාගය පිළිබඳ මනා විස්තර කිරීමක් නො මැති කම නිසා ම මෙ වන් ක්රීඩාවන් හි පසුව යෙදෙන්නන් අපහසුතාවට පත් කෙරේ. පිටු විස්සක් එක දිගට ඔබට කියවාගෙන යන හැකි ය. ඉන් පසු ඒ විස්තර වල දැනෙන ඒකාකාරි ස්වභාවය නිසා ම, ඔබට හැඟී යනු යේ මේ විස්තර තුළ ඇත්තේ හුදෙක් සතුන් හරහට දිගට ඝාතනය කරගෙන යෑමක් බව පමණි. එයට නිසි වාතාවරණය නො සැල සේ නම් හුදෙක් සතකු ඝාතනය කිරීම දඩ කෙළියක්, එසේත් නැතිනම් ක්රීඩාවක් බවට පත් වන්නේ නැත. මේ හැඟීම සත්ත්ව ඝාතකයකු ගේ සිත තුළ ඇති වන්නේ නැත. හේ මුව නාම්බෙකු කණුවකට හිර කොට ගෙළ සිඳ දමයි. වනාන්තරයේ සතෙකු හඹාගොස් ඌ එළා ගැනීමේ දී කෙළියේ යන්නකු ලබන අන්දමේ ම වින්දනයක් හේ ඉන් ලබයි. දඩ කෙළියේ යෙදෙන සැබෑ ක්රීඩකයෙකුට, කැලෑබද ප්රදේශය වැඩි වත්ම මින් ලබන වින්දනය ද වැඩි වේ. ජනාකීර්ණ පරිසරයක. ඇති කර්මාන්ත ශාලා ආශ්රිතව.
Rs. 700.00Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.
