• -20%
    (0)

    අපරාජිත ජිවිතයක් – Aparajitha jiwithayak

    සර්වජයා දුම්රියකට නැගුණේ දෙවැනි වතාවටය. මුල් වරට දුම්රියක ගොස් දැන් බොහෝ කල් ගත වී ඇත. ඇයගේ සැමියා වූ හරිහර බරණැස සිට ගමට පැමිණ පවුල් ජීවිතය ඇරඹු මුල් දිනවල ඔවුහු යුගල කිශෝර් දේවලයට දුම්රියෙන් ගියහ. ඇය හැම දුම්රිය පොළකදීම නගින බසින මිනිසුන් දෙස සතුටින් බලා සිටියාය. එක් එක් ආකාරයේ ඇඳුම් පැළඳුම්ලාගත්, විවිධාකාර මුහුණුවරවල් ඇති කාන්තාවන් ඇයගේ විශේෂ අවධානයට යොමු විය. ජගන්නාථපුර නැවතුම් පොළේදී අග්ගලා විකුණනු දුටු ඇය අපුට කතා කළාය. * අපු අග්ගලා කන්න ආසයි නේද? අරන් දෙන්නද?” දුම්රිය පොළේ ටෙලිග්‍රාෆ් කම්බියක් මත කුරුල්ලෙක් පැද්දෙමින් සිටියේය. අපු එබි එබී ඌ දෙස බැලීය.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.