• -10%
    No thumb
    (0)

    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2 – Monte Cristo 2

    හුස්ම හිර වී විසංඥ වේගෙන ම වාගේ යත් දී මහත් වෑයමෙන් දෙකට නැමී යකඩ බෝලය බැඳ තිබුණු කඹ පට බලවත් උත්සාහයකින් කපා දැමීමට ඔහු සමත් වීය. ඉක්බිති ව තද බල වෑයමක් දරා ඔහු දිය මතු පිටට එම තමාට මිනී පොරෝණයක් වීමට තිබුණු ගෝනිය යකඩ බෝලයත් සමඟම දිය යටට කිඳා බසිනු ඔහු දිටීය. හුස්ම ගැනීමට පමණක් මොහොතක් දිය මතු පිටට වී සිටි ඔහු, කිසිවෙකු ගේ දෑසට තමා ලක් වෙති යි බිය ගත්තේ, එ කෙණෙහි ම යළිත් දිය යටට කිමිදී ගියේය. දෙවැනි වරට ඔහු මතු වන විට සිටියේ මුලින් වැටුණු තැනට පියවර පනසකට පමණ ඈතිනි. තම හිසට උඩින් කාල වර්ණ වුත් කැළඹී ගියා වූත් අහසක් පැතිරි තිබෙනු ඔහුට පෙනිණ. වාෂ්ප සමූහ සේ එහි වේගයෙන් පා වී ගිය වලා අතරින් තරුවක දිලිසීමක් මොහොතකට ඔහුට දකින්නට ලැබිණ. ඔහු ඉදිරියෙන් මුහුදේ මහා ජල කඳ ඉමක් කොනක් නොමැති ව පැතිරී තිබිණ

    Original price was: Rs. 950.00.Current price is: Rs. 855.00.