• -20%
    (0)

    නේත්‍රා- Nethra

    මං කියන හැම දෙයක්ම විශ්වාස කරන්න – නේත්‍රා. මං මහ පොළොව වගේ ඔයාගේ දුක දරා ගන්නම්. ඔයා දන්නවද? ඔය ඇස් දෙකෙන් ඉහිරෙන්නෙ මල් සුවඳ. ඔහොම බලද්දි මට දැනෙන්නේ තාරකා රංචුවක් නිලි වැස්සට පෙඟිලා මගේ ආත්මය ඇතුළෙ සැරිසරනවා වාගේ. ඔයා අහිංසකයි. සඳ වගේ අහිංසකයි. ඉස්කෝලේ යන කාලේ මට ඔයාව ලැබුණ නම්….. ඒත් මං පිං කරලා නෑ. එහෙම වුණා නම් මං කොළඹ අතෑරලා නුවරට එනවා. ඔයාලගේ ගෙවල් ළඟ තියෙන ඔලිඳ ඇළට පැනලා ඔය සඳ මුණට පැන් ඉහිනවා. දෙණියේ අන්දර දෙවටෙදි නැවතිලා සුදු ගවුමෙ තුත්තිරි ගලවනවා. ඔය පොඩි ටිකිරි පාවල බොරළු ඇනෙන්න නොදී මගේ ඇඟට වාරු කරගන්නවා. ආදරේ හැටි එහෙම තමයි… ඇයි මං විශ්වාස කරන්නෙ නැත්තේ? මගේ පපුව විවර කරන්න පුළුවන් නම්, මං එයාට පෙන්නනවා. ඔයා හින්ද මගේ පපුව ආදරෙන් පිරිලා තියෙන හැටි. එහෙනම් මං දන්නවා, ඔයා මාව සිප ගන්නවා දහස් වතාවක්… ඇයි මට පිස්සෙක් වගේ කියවන්න දිලා බිම බලාගෙන ඉන්නේ…. කියන්න.. එක වතාවක් කියන්න. මං ඔයාට ආදරෙයි විශ්ව කියලා… ඔහු එක දිගටම කියාගෙන යයි. බැහැ මම තරයේ කීවෙමි. මම බෙහෙවින් බිය වීමි. තිගැස්සුණෙමි. ජීවිතයට බලාපොරොත්තු දෙන්නේ කොහොමද? මම හඬා

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,440.00.