RAHAS PARIKSHAKA HAMUDURUWO

  • -20%
    (0)

    රහස් පරික්ශක හාමුදුරුවෝ – RAHAS PARIKSHAKA HAMUDURUWO

    මට උන්වහන්සේව හමු වූවේ ඉතාමත් අහඹු ආකාරයෙනි. එසේ හමු නොවූවා නම් වසර තිහකට පසුවුව ද මේ කතා මාලාව ඔබ හමුවෙහි තැබීමට මා හට හැකියාවක් නොලැබෙනු ඇත. ඒ නිසාම උන්වහන්සේව මුණගැස් වූ මාගේ දෛවය. ඉරණම හෝ ඔබ පවසන්නා වූ ඒ ඕනෑම ජීවිතයේ අනපේක්ෂිත දායාදයකට’ මම බොහෝ සෙයින් කෘතඥ පූර්වක වෙමි.
    හරියට ම, මීට වසර තිස් හතරකට පෙරාතුව එනම් 1990 වර්ෂයේ දී මම අම්පාර නගරයේ පදියතලාව නමින් හැඳින් වූ කුඩා ගමක පිහිටි පොලිස් ස්ථානයකට පත්වීමක් ලැබුවෙමි. එය සිදු වූවේ මේ ආකාරයෙනි.
    මා පොලිස් වෘත්තියට ඇතුළත් වූයේ සැලකිය යුතු අධ්යාපන සුදුසුකමක් නොමැති තරුණ කොස්තාපල්වරයෙකු ලෙස යි. මගේ මුල් ම රැකියා ස්ථානය වූයේ මඩකලපුව දිස්ත්රික්කයේ පිහිටි එරාවුර් පොලිස් ස්ථානය යි. එය 80 දශකයේ අග කාල වකවානුව වූ බැවින් යාපනය නගරයේ එල්.ටී.ටී.ඊ. ක්රියාන්විත දරුණු වෙමින්, ත්රස්තවාදීන් යුධ සේනාංක සමග දරුණුවට සටන් ඇවිළෙමින් තිබුණු කාලවකවානුවක් විය.
    මට නිසි අධ්යාපන සුදුසුකමක් නොතිබුණත් මම නිර්භීත කෙනෙක් වූ වෙමි. පොලිස් වෘත්තියට ඇතුල් වෙද්දිත් මාගේ සම වයසේ අයවළුන්නට වඩා හැඩි දැඩි සිරුරකින් ද, ශක්තිමත් බාහු සහ උස ශරීරයකින් ද යුක්ත වූ මා එකල මඩකලපුව එරාවුර් පොලිස් ස්ථානයේ සේවය කළ ශක්තිමත් ම සහ නිර්භීත ම පොලිස් නිලධාරියා ලෙස හැඳින්වීමේ වරදක් නැත.
    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.