-
(0)By : Douglas Raffel
වන සතුන් මැද සත් වසක් – Wana sathun mada sath wasak
ස්වභාව සෞන්දර්යයේ නිකේතනය වූ සුරම්‍ය ලංකාද්වීපය පිළිබඳව ලියැවුණු සහස සංඛ්‍යාත ග්‍රන්ථාවලිය අතර ඩග්ලස් රැෆල් විසින් ලියන ලද මේ කෘතියට හිමි වනුයේ විශේෂ ස්ථානයකි. ලංකාවේ ස්වභාවික සෞන්දර්යයේ චමත්කාරයෙන් මෝහනට පත්වූ විදේශීය ලේඛකයන් අතරින් ඩග්ලස් රැෆට හිමි වනුයේ ද අග්‍රහණ්‍ය සම්මානනීය ආසනයකි. හෙතෙම වෘත්තියෙන් බ්‍රිතාන්‍ය හමුදාවේ උසස් නිලධාරියෙකි. එහෙත් රයිපලයට වඩා පෑනටත් පින්සලටත් ඔහුගේ සුරත සූර බව මේ කෘතියෙහි එන හැම වැකියකින්ම සෘදයාට “පත්තියම් වේ. ඩග්ලස් රැෆල් රුහුණු වන පියසට පැමිණියේ හෘද රෝගියකු ලෙසිනි. බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ සේවය කිරීමෙන් සංග්රාම භූමියෙහි දී හෙම්බත් වූ ඩග්ලස් රැෆල් යුද්ධ සන්නාහයෙන් සමුගත්තේ නිදහස් ලොවකට පිවිසීමේ දොරටු විමසමිනි. නාගරික සුඛෝපභෝගී ජීවන චර්යාව ද ඔහුට කල් කදුරු වී තිබිණ. ඔහු රුහුණු වන ගැබට ඇතුළු වූයේ දේවාරාධනයෙන් ස්වර්ග රාජ්‍යයට පිවිසුණු තරමේ ප්‍රීති ප්‍රමෝදයෙන් උද්දාම වෙමිනි. දින, සති, මාස, අවුරුදු අවෑමෙන් කුරුලු කොබෙයියෝත්, ඇතැම් වන සිවුපාවෝත්, ඔහුගේ සුමිතුරෝ වුහ. ඩග්ලස් රැෆල් වල් පොල්කිච්චා සමඟ යුග ගී ගැයිය. ගිරවුන් මයිනන් සමඟ සංවාදයෙහි යෙදුණේය. කහ කුරුල්ලන්, සිවුරු හොරුන් කුඩු තනා බිත්තර ලූ පසු උන්ගේ බිත්තර හීන් සීරුවේ දෝතට ගෙන දිග පළල මැන බලා, හැඩරුව පැහැ නරඹා ආපසු තැබුවේ අහිංසක පොඩිත්තකු සේය.
Rs. 680.00Original price was: Rs. 680.00.Rs. 612.00Current price is: Rs. 612.00.
