• -10%
    (0)

    ඇහැළ මලට දම් පාටක්

    “පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
    පුස්තකාල උද්යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක
    දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
    පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
    “The tree of Paramee…!”
    “මම පාරමී?”
    “ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා
    ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
    “ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
    මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”
    “කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු
    ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
    “ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.
    අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
    “ඇයි ඒ?”
    “දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.
  • -10%
    (0)

    කැළලිකාරයෝ

    තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැදීම ජීවිත කාලයක් පවතින බව කියන මේ කතාව බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.
  • -10%
    (0)

    බත්තලංගුණ්ඩුව – Baththalangunduwa

    කල්පිටි කළපු දියවර මත හිරු රැස් වෑස්සෙයි. ළා හිරු රැසින් තෙමී අවදි වී ඇඟමැළි කඩා ගත් කළපුව සරැලි නංවයි. සිහින් සරැලි එකෙකු පසුපස එකෙකු ලුහුබඳී. අඩුලුහුඬුකම් නැති රිද්මය චලනයකි. කෙළි දෙළෙනි.

    හිමි දිරියටත් නොදන්වා දවස අවදි වූවා වැන්න.

    වයඹදිග සතර දිග් භාගයට උදෑසන උදා වුව අහස මඳඳුරු ය.

    Original price was: Rs. 980.00.Current price is: Rs. 882.00.
  • -10%
    (0)

    වැහි පීල්ලක අතරමංව – Vehi Pillaka Ataramanwa

    අපි හිටියෙ තෙල් පෝලිමක.
    බයිසිකලේ පෝලිමේ නතර කරලා, මං හිටියෙ තාප්ප හෙවණැලි මුවාවක. බයිසිකල් පෝලිමේ අපිට ඉස්සරහින් බයිසිකලයක් සක්ක ගහන්න ආපු කලිසම් ඇඳ ගත්තු මහත්තයෙක් හූ හඬ මැද්දෙම බයිසිකලේ තල්ලු කරගෙන පිටිපස්සට ගියා. මිනිහ පිට ගමක කෙනෙක්. මේ ගමේම කෙනෙක් උනා නම් කුණුහරුප දෙකක් කියලා කොහොම හරි පෝලිමේ ඉස්සරහට බයිසිකලේ රිංගව ගන්නවා.
    ඒ වෙද්දි වෙලාව හවස දෙක විතර වෙන්න ඇති. ඉර බැහැගෙන යන්න පටන් අරගෙන තිබුණත් ගිනි කාෂ්ඨක අව්ව. පාරෙ තාරත් උණු වෙනවද මන්දා. ඒ අස්සෙ නැගෙනහිර අහසින් වැහි වලාකුළුත් අහසෙ මෝදු වෙන්න පටන් අරන්.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.