අපූගේ ලෝකය Apuge lokaya

Rs. 1,200.00 Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.

විසිවැනි සියවසේ වංග සමාජයේ වූ විපර්යාසයන් නවකථා කරුවකුගේ කෙළි තුඩිගේ සිත්තම් කළ අපූ පිළිබඳ ත්‍රිත්ව වෘත්තාන්තයේ තෙවැනි කොටසේ සිංහල අනුවාදය ද දැන් මුද්‍රණද්වාරයෙන් නිකුත් වී ඇත. මෙම අසූ ත්‍රිත්වය සිංහල පරිවර්තිත නව කථා සාහිත්‍යයට එකතු වීම පාඨකයින්ගේ මෙන්ම කථා රචකයන්ගේ ද මහත් භාග්‍යයක් වන්නේමය. විශේෂයෙන් මෙම කථා තුනේ දෙවැනි තුන් වැනි කථා ඉංග්‍රීසි බසට පවා මෙතෙක් පරිවර්තනය වී නැති ඒවාය. ලේඩිකොට ඒවා සිංහලයට නඟන්නේ ඒවායේ මුල් වංග බසින්මය. ඇය එසේ නොකරන්නට වංග නව කථා සාහිත්‍යයේ මෙම විශිෂ්ට නිර්මාණයෙහි රසය අංග සම්පූර්ණව විඳීමට සිංහල පාඨකයාට නොලැබනු ඇත. අනික් කෘති දෙකේ මෙන්ම මෙම කොටසේ ද පරිවර්තන කාර්යය ඉතා මැනවින් ඉටු වී ඇති බව කිව යුතුය. බස හැසිරවීමේදී කතුවරිය බොහෝ පරික්ෂාකාරී වී ඇති බව බොහෝ තැන්වලදී පෙනේ. කථාව කියවා ගෙන යන විට බොහෝ අවස්ථාවන්හි දී මෙය පර්වර්තනයක් නොව සිංහල බසින් කළ මුල් කෘතියක් දෝ යන සැකය පාඨකයාට ඇති වන්නේ මුල් කෘතියේ කතුවරයාගේ නිරවුල් චින්තන ධාරාව ඒ පරිදිම සිංහලට නඟන්නට කතුවරිය සමත්ව ඇති නිසාය. එසේම වංග සමාජයත් සිංහල සමාජයත් අතර ඇති සමීප බව ද එම හෘදයාංගම බවට හේතු වන්නට ඇත. සුක්ෂම – සංවේදී කලාකරුවෙකුගේ මනස කාල – දේශ ඉක්මවා අනන්තය දක්වා විහිදී යමින් පාඨකයාට ලබාදෙන සනාතන අත්දැකීම් සම්භාරයට මුල් වංග කථා ත්‍රිත්වයේ දී වංග පාඨකයන්ට සහභාගි වන්නට ලැබුණාක් මෙන්ම මෙම සිංහල කෘතිවලදී සිංහල පාඨකයන්ට ද වීම අත්දැකිම් වලට සහභාගි විය හැකි අන්දමට ඒවායේ පරිවර්තන කාර්යය මනාව සිදු වී ඇති බව නැවතත් කිව යුතුය. සිංහල පාඨකයාගේ වින්දන ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මෙතෙක් විඳි වෙහෙස ගැන සිංහල පාඨකයන් වෙනුවෙන් අපගේ කෘතඥතාව පළ කරන අතර, මෙවන් අගනා කෘති ඇය අතින් තවත් බිහිවෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.

In stock

මවගේ අභාවයෙන් පසු අපු නැවත කල්කටාවට පැමිණියේය. මළවුන් වෙනුවෙන් දෙන දශ පිණ්ඩ දානය මව වෙනුවෙන් දී අවසානයේ දී ශෝකයෙන් ද වෙහෙසින් ද පීඩිත වූ අට තමාගේ මව හඳුනාගෙන සිටි කිසිවකු වෙතට ගොස් ඇය ගැන කතා කරන්නට ඇත්නම් හොඳ යයි සිතිණි. තමාගේ මව ගැන දන්නා කෙනෙකු අසලක ඇත්නම් ඒ ලොකු අම්මා පමණි. ඇය තුළ අපූගේ පවුලේ අය කෙරෙහි හිතවත් කමක් නැත. එසේ වුව ද අඩු ගණනේ ඇය ළඟට ගොස් අම්මා ගැන ඇය කියූ වචනයක් දෙකක් හෝ අසන්නට ඇත්නම් හොඳ යයි ඔහුට සිතේ. තුන් මසක් පමණ මේ ආකාරයෙන් ගෙවී ගියේය. මෙය ඔහුගේ ජීවිතයේ දුකින් පිරුණු කාල පරිච්ඡේදයකි. පොසොන් මස අවසානයේ දී ඔහු දිනක් පුවත්පත් බලද්දි යුද්ධයට මිනිසුන් බඳවා ගන්නා බව දැක්වෙන දැන්වීමක් දුටුවේය. එදින දහවල් ඔහු උද්‍යාන වීදියේ පිහිටි ඒ කාර්යාලය වෙත ළඟා විය. මේසය මත මුද්‍රිත පෝරම කොළ වගයක් විය. අපූ ඉන් එකක් කියවා බැලීය. * කොහාට යවන්නද මිනිස්සු බඳවා ගන්නේ?” අපූ එහි සිටි නිලධාරියකුගෙන් ඇසීය. “මෙසපොටේමියාවට. රේල්ලුවෙ වැඩටයි ට්‍රාන්ස්පෝරවලටයි මිනිස්සු ගන්නෙ. තමුසෙට ටෙලිග්‍රාෆ් වැඩ ගැන හරි මෝටර් මිකැනිසම් ගැන හරි දැනුමක් තියෙනවද?” නෑ……? කණගාටුයි. අපි ගන්නේ වැඩ දන්න අය විතරයි. ඩ්‍රයිවර්ලා සිග්නල් මෑන්ලා, ස්ටේෂන් මාස්ටර්ලා වගේ අයත් ගන්නවා.”

Publisher

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya

පරිවර්තනය :

Chintha Lakshmi Sinha arachchi

පිටු ගණන

296

Reviews

There are no reviews yet.

Be the first to review “අපූගේ ලෝකය Apuge lokaya”

Your email address will not be published. Required fields are marked *

Rs. 1,200.00 Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.

In stock