අවියෙන් ලියූ අකුරු – Awiyen Liyu Akuru

Rs. 1,500.00 Rs. 1,200.00

වසර ගණනාවක් අප රට වෙළාගෙන පැවති ජාතික ප්‍රශ්නය තේමා කර ගනිමින් උතුරේ ලේඛකයන් විසින් ලියන ලද ග්‍රන්ථ රැසක් මෑත කාලයේ ඉන්දියාවේ දී ප්‍රකාශයට පත්ව තිබේ. එම ග්‍රන්ථ අතර 2015 වසරේ දී ප්‍රකාශයට පත් වූ සාත්ත්‍රිගේ ‘ආයුද එළුත්තු’ නම් නවකතාව සුවිශේෂී ස්ථානයක් හිමි කර ගෙන ඇත. එය මේ වන විට ඉන්දියාව පමණක් නොව ලොව බොහෝ රටවල දමිළ පාඨක හා විචාරකයන්ගේ අවධානයට ලක් වු නවකතාවකි. මේ එහි සිංහල පරිවර්තනයයි.

ජාතික ප්‍රශ්නයේ ‘ආරම්භක ජවනිකාවල’ සිට අවසන් කාලය දක්වා සිදු වූ විවිධ සිදුවීම් ඔස්සේ විකාශනය වන මෙම නවකතාවේ විශේෂත්වයක් නම් අප අසා තිබෙන සහ දැක තිබෙන බොහෝ ප්‍රකට සිදුවීම්වල අප නො දන්නා ‛තිරය පසුපස’ සත්‍ය සිදුවීම් රැසක් නිරූපණය කිරීමට මෙමගින් කතුවරයා උත්සුක වී තිබීමයි. මෙය මෙරට ඓතිහාසික නවකතාවක් යැයි හැඳින්වුව ද වරදක් ද නොවන්නේ එබැවිනි.

වරෙක එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කර තිබෙන මෙහි කතුවරයා එහි දී තමන් ලද බොහෝ අත්දැකීම් නවකතාව ලිවීමේ දී උපයෝගී කර ගෙන තිබෙන අතර ඔහු මෙම කෘතිය තුළින් නවකතාවේ දෘෂ්ටි කෝණය පිළිබඳ කිසියම් අත්හදා බැලීමක් ද සිදුකරයි.

In stock

Author: Gowripal Sathiri
” ඊයෙ තින්න වේලි හන්දියෙදී බිම් බෝ$ම්බ#යක් පුපුරල . “
මුහුණින් කිසිදු හැඟීමක් නොපාමින් ප්රදීස් කියා සිටියේ ය.
ප්රදීස්ගේ ප්රකාශය ඔහුට නිසි ලෙස වටහා ගත නොහැකිව තිබුණි. බිම් බෝම්බයක් පිපිරුණ විට සිදු වන්නේ කුමක්දැයි නොදන්නකු සේ ඒක පිපිරුණා කියල මොකක්ද ප්රග්නේ?’ යි විමසා සිටියේ ය.
” බිම් බෝ$ම්බ#යෙන් ආර්මි කාරයො සෑහෙන ගාණක් ක්ලෝස් වෙලා.”
ඔහු එසේ පැවසුවේ ඉහ වහා ගිය ප්රීතියෙනි.
මිය ගොස් තිබූ හමුදා භටයින්ගේ සංඛ්යාව එකිනෙකා එක් එක් ආකාරයකට තම සිතට හැඟෙන සේ ප්රකාශ කරමින් සිටිය හ.
” බෝ$ම්බ#ය පුපුරපු තැන ලොකු වළක් හෑරිලා. ඒකෙ වතුරත් උනල ” අයෙක් පැවසූ හ.
ඔහු කෝකටත් ක්ලාස් ඉවර වුණාම තින්නවේලි හන්දිය පැත්තෙ ගිහින් බලන්න ඕන’ යි සිතා ගනිමින් යළි පා පැදිය පදවන්නට වූයේ
Publisher

කඩුල්ල ප්‍රකාශන – Kadulla Prakashana

පරිවර්තනය :

සරත් ආනන්ද – Sarath Ananda , ලරීනා අබ්දුල් හක් – Lareena Abdul Huq

පිටු ගණන

410

Reviews

There are no reviews yet.

Be the first to review “අවියෙන් ලියූ අකුරු – Awiyen Liyu Akuru”

Your email address will not be published. Required fields are marked *

In stock