බැස්කර්විල් දඩ බල්ලා – Baskervilles dhada balla

Rs. 1,000.00 Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00.

සර් ආතර් කොනන් ඩොයිල් බැස්කල් දඩ බල්ලා සර් ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරික්ෂක නව කථා අතුරෙන් මෙය ඉතා ම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නව කථාවය. රාත්‍රී කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරි සරන භීෂණාත්මක දඩ බල්ලකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නව කථාවට පසු බිම වී ඇත්තේ. බැස්කවිල් පරම්පරාවේ භයංකර පුරාවෘත්තයකි. රහස් පරීක්‍ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනී මැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.

 

In stock

” මට පෙනෙන විදියට, ඔහු පසින් බොහෝ සේ ගමන් කරන ගම් බද දොස්තර කෙනෙකු හැටියටත් මට හිතන්න පුළුවන්.” ” ඇයි එහෙම කියන්නෙ? ” ” මම එහෙම කියන්නෙ මේ බස්තම මුලින් බොහෝ ම ලස්සනට තියෙන්න ඇති වුණාට, දැන් ඒ ඒ තැන කොච්චර හැපිලා වැදිලා තියෙනවා ද කිවුවොත්, නාගරික දොකර කෙනෙකු මේක පාවිච්චි කරන්න ඇති යි කියලා හිතන්න අමාරු හින්දා. මේ ගන යකඩ විල්ල ගෙවිලා ගිහිල්ලා. ඉතින් ඒකෙන් පේනවා ඔහු මේකත් අරගෙන හුඟක් ඇවිදලා තියෙන බව.” ” හරියට ම හරි ! ” යි හෝම්ස් කීවේ ය. ” තවත් කාරණාවක් තියෙනවා. මේකෙ තියෙනවා ‘ සී. සී. එච්. හි මිතුරන්’ කියලා. ඒක නිසා මේක දඩයමට සම්බන්ධ සංවිධානයක යම් කිසි දෙයක් කියලා මම අනුමාන කරනවා. ප්‍රාදේශීය දඩයම් සංවිධානයේ සාමාජිකයන්ට ඔහු මොකක් හරි ශල්‍ය වෛද්‍ය උපකාරයක් කරන්න ඇති. ඉතින් ඒ ගොල්ලොත් ඒ වෙනුවට පොඩි පරිත්‍යාගයක් කරන්න ඇති.” ‘ ඇත්තට ම වොට්සන්, ඔබ නම් අති විශිෂ්ට යි! ” යි පුටුව පිටු පසට තල්ලු කර, සිගරැට්ටුවක් දල්වා ගනිමින් හෝම්ස් කීය. ” මගේ සුළු සුළු දස් කම් ගැන ඔබ දී තිබෙන සියලු ම වාර්තාවල දි, ඔබ නිරන්තරයෙන්ම ඔබේ දස් කම් අවතක් සේරුවට භාජන කරලා තියෙන බව මම කියන්න ඕන. ඔබ ඔබේ ම බලයෙන් බැබළෙනවා නොවෙන්න පුළුවන්. ඒ වුණාට ඔබ ආලෝකය ගෙන යන සන්නායකයක්. සමහර මිනිස්සුන්ට ශ්‍රේෂ්ඨ බුද්ධි ප්‍රභාවක් නැති වුණත් එවැන්නක් උත්තේජනය කිරීමේ අපූර්ව ශක්තියක් තියෙනවා. මම ඇත්තම කියන්න ඕන යාළුවා, මම ඔබට ඉතා ම ණය ගැතියි. ” ඔහු මෙ වැන්නක් මීට පෙර කිසි කලෙක කියා තිබුණේ නැත. එම නිසා ඔහු ගේ වචන වලින් මා තුළ අසීමිත ප්‍රීතියක් පහළ වූ බව කිව යුතූය.

 

Publisher

දයාවංශ ජයකොඩි සහ සමාගම – Dayawansha Jayakody

පිටු ගණන

298

පරිවර්තනය :

K.G. Karunathilake

Reviews

There are no reviews yet.

Be the first to review “බැස්කර්විල් දඩ බල්ලා – Baskervilles dhada balla”

Your email address will not be published. Required fields are marked *

Rs. 1,000.00 Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00.

In stock