1997, අගෝස්තු 30 වැනිහු රාත්‍රිය
එය මනරම් සැඳෑවකි. මගේ ප්‍රියතම නගරයට පැරීසියට – – රාත්‍රිය උදාවනු දැක ගන්නට මට ඇත්තේ විශාල ආශාවකි. එහෙත් කවුළුව අසලට ගොස් සේද ජනෙල් රෙදි මෑත් කළෝතින් සියයක් කැමරා වලට මගේ වත හසුවන නිසා අගෝස්තුවේ උණුසුම් අහස විසින් ගිලගනු ලබන නගරය දෙස බලන්නට හැකියාවක් නැත.
මාස ගණනකට පෙර දවසක, අනාගතය ගැන සිහින මැවූ එක් දුර්ලභ මොහොතක, අපේ විවාහයෙන් පසු මධුසමය ගත කරන්නට පැරිස් නගරයට යන්නට කැමති දැයි මම ඔහුගෙන් ඇසුවෙමි. බ්‍රිතාන්‍යයේ වාසය කරන යුවළක්; විශේෂයෙන් ලෝකයේ ඕනෑම තැනකට කිසිදු අපහසුවකින් තොරව යන්නට හැකියාව ඇති යුවළක්, පැරිස් නගරය මධුසමය වෙනුවෙන් තෝරාගන්නේ නැත. සිය වතාවක් පැමිණ සිරි දැක තිබුණද, මේ නගරයේ ආදරණීය බවට මම ප්‍රිය කළෙමි. සීත හවස් යාමයක නොත‍්‍රදාම පල්ලිය පිටුපස ඇති කුඩා පටුමඟක ගමන් කරමින්, ප්‍රංශ ඇකෝඩියනක් වයමින් එදිත් පියාෆ්ගේ Je ne regrette rien ගීතය ගයන මැදිවියේ ගැහැනියගේ කට හඬට සවන් දීම මගේ ආශාව විය. එය තරුණියකගේ නොව. වයස අවුරුදු 35 ක ගැහැනියකගේ ආශාවකි.
” පැරිස් නෙමෙයි, ඔයාට කැමරාකාරයන්ගෙන් බේරිලා.” කොහේවත් යන්න බැහැ
Reviews
There are no reviews yet.