මාක් සැන්ඩර්සන් කාන්තාවන්ට කැමතිය. එසේම ඔහු සලාද කොළ සමග තීරු කළ මාළු කෑමට ආසා කළේය. ඔහුට මඳ හෝ කුස ගින්නක් දැනුණ විගස ඔහු ආහාර සැපයුම්කරුට දුරකතනයෙන් අමකා ඒවා කම නිවසට ගෙන්වා ගත්තේය. ඩොලර් දෙකක් තරම් වටිනා දේ වුවද ඒවාට බ්‍රිතාන්‍ය පවුම් වලින් ගෙවා ගෙන්වා ගැනීමට තරම් ඔහුට හැකියාවක් තිබුණේ ඔහු කෝටිපතියකු වූ නිසාය. බොහෝ ධනවත් හා සාර්ථක මිනිසුන්ට මෙන්ම ඔහුට ද ජීවිත තුනක් විය. ලන්ඩනයේ ධනවතකු ලෙස ගත කරන ප්‍රසිද්ධ හා වෘත්තීය ජීවිතය ද, ඇතැම් අය අතර තරමක් ප්‍රසිද්ධ වූ හෝ එසේ නොවූ ඔහුගේ පෞද්ගලික ජිවිතය සහ ඔහුගේ රහස් ජිවිතයද ලෙසිනි. පළමුවැන්න ප්‍රධාන පුවත්පත් හා රූපවාහිනී නාලිකා වල මූල්‍ය තොරතුරු අතර නිතර කියවෙන ඔහුගේ වෘත්තීය ජීවිතයයි. හැටේ දශකයේ මැද භාගයේ ඔහු බටහිර ලන්ඩනයේදී මඳ දැනුමක් ඇතිව දේපළ වෙළඳාම අරඹා ශූර බුද්ධිය මෙහෙයවා එය සාර්ථක කර ගත්තේය. වසර දෙකක් තුළ ඔහු එම ව්‍යාපාරයේ සියලුම නීති රීති ඉගෙන ගෙන ඒවා බිඳගෙන යා හැකි මාර්ග සොයා ගත්තේය.
කිසිවක් ඉතිරි නැත

Reviews
There are no reviews yet.