“ලෝකේ හැම දිග්භාගෙන්ම එන මිනිස්සු මේ ගම පහු කරගෙන යනවා පුතේ.’ ඔහුගේ පියා කීවේය. ‘ ඒ හැම කෙනෙක්ම එන්නේ අලුත් අලුත් දේවල් අරගෙන. හැබැයි මෙහෙන් පිටවෙලා යනකොටත් මූලික වශයෙන්ම ඒ ගොල්ල මෙහෙට එනකොට හිටපු මිනිස්සුම තමයි. මාලිගාව දැක බලා ගන්න කන්දට නඟින මිනිස්සු තමන්ගෙ ගමන නවත්තල දාන්නෙ පවතින වර්තමානයට වඩා අතීතය හොඳයි කියල හිත හිතා. දුඹුරු කෙස්, කලු හම තිබ්බය කියලා වෙනසක් නෑ. ඒ මිනිස්සුත් මෙහෙ ජිවත් වෙන අය වගේම තමයි.’
ඒත්, මං කැමතියි ඒ මිනිස්සු ජීවත් වෙන නගරවල තියෙන මාලිගාවලුත් දැක බලා ගන්න. කොලුවා තම අදහස පැහැදිලි කළේය.
“ඔය මිනිස්සු, අපේ ගම් රටවල් දැක්කම කියන්නෙ සදහටම මෙහෙ ජීවත් වෙලා ඉන්න හිතෙනව කියලයි.” පියා දිගටම කතා කරගෙන ගියේය.
හොඳයි. ඒකට කමක් නෑ. ඒත් මං කැමතියි ඔය කියන මිනිස්සුන්ගෙ ගම් රටවල්, ජීවත්වෙන තාලෙ මගේම ඇස් දෙකෙන් දැක බලා ගන්න. පුතා තවදුරටත් පැවසුවේය.
“මෙහෙට එන මිනිස්සු ළඟ වියදම් කරන්න ඕනැ තරම් කාසි කන්දරාවක් තියෙනවා. ඒ හින්දා ඔවුන්ට පුළුවනි ගමන් වියදම් උහුල ගන්න.’ ඔහුගේ පියා කීවේය. අපි අතරින් අරං බැලුවොත් ඉතිං, රට රාජ්ජවල සංචාරෙ කරන්නෙ එඬේරු විතරමයි.”
“හරි ෂෝක්! එහෙම නං මම එඬේරෙක් වෙනවා.”
Reviews
There are no reviews yet.