දෙවැනි සැරේ විභාගෙ ප්‍රතිඵල ඇවිල්ලා කියල ආරංචි උනාම සුදු කලිසමයි කමිසෙයි දඩිබිඩියෙ ඇඳ ගත්ත දිනසිරි ඉස්කෝලෙට බයිසිකලේ පැද්දා. මේ නිල ඇඳුම නිසාද ඒ නිල ඇඳුම් ඇඳ ගත්ත අය ඉන්න ඉස්කෝලෙ නිසාද ලැබෙන නිදහස අදින් අවසන් වන බවක් ඔහුගෙ හිතේ පිරිලා. ඔහු හරි. විභාග දෙපාර්තන මේන්තුවත් හරි. ඔහු එවරත් අසමත්. තමන් අසමත් වීම දරා ගන්නට සමත් යැයි හිතාගෙන ප්‍රතිඵල බලන්න ගියත් අසමත් බව තමන්ම හිතා ගන්නව වගේ නෙමේ කවුරු හරි තමන් අසමත් බව කොළේක මුද්‍රණය කරල තැපෑලෙන් එව්වම දැනෙන හැඟීම. කල්පනාවෙන් බරව ගෙදර එන අතරෙ ඔහුට මතක් උනේ ඔහුගේ යාළුවන්ට ගිය අවුරුද්දෙත් මතක් උන දේ. ඒ තමයි හමුදාව. අසමත් කොල්ලන්ට තමන් සමත්කම් ඇති කොල්ලො කියල පෙන්නන්න තියෙන හොඳම අවස්ථාව: හමුදාව. විභාග දෙපාර්තනමේන්තුවයි හමුදාවයි අතර රහස් ගිවිසුමක් තියෙනවා වගේ දෙපාර්තමේන්තුව අසමත් කරන අය හමුදාවට බඳවාගෙන ඔවුන්ගේ සමත්කම් මතු කරලා පෙන්නනවා. දින සිරිත් හිතුවා ඒකම තමයි විසඳුම කියලා. ඔහු බයිසිකලේ වැල්ලව තැපැල් කන්තෝරුව පැත්තට හැරෙව්වෙ දිග ලියුම් කවරෙකුයි මුද්දරේකුයි ගන්න.
කුරුලු හදවත – Kurulu hadawatha

Reviews
There are no reviews yet.