මගේ පස්සෙන් එන්න (Follow Me) – MAGE PASSEN ENNA

Rs. 1,300.00 Rs. 1,040.00

” ජීවක, තව කොච්චර දුර ද?”

ඉද්ද ගැහුවාක් මෙන් එක්වර ම නැවතුණ තරුණයා පිටුපස හැරි මහා ගැඹුරු ඇස් දෙකෙන් නැවත වරක් තමන් පිටුපසින් ඇවිදගෙන එන තරුණ ගැහැනු ළමයි දෙන්නා දෙස බැලුවේ ය.

” ඇයි බය ද? ඉස්සරහ රවුන්ඩ් අබවුට් එකෙන් හැරිල පොඩ්ඩ දුරයි” කියූ ඔහු එසැනින් හැරී නැවතත් දිගු අඩි තබා ඔවුන්ගෙන් ඈත්ව ගමන් කරන්නට විය.

“මං කිව්වනේ එන්න බෑ කියල. ඇයි මාවත් එක්කන් ආවේ? ” ඔහු පිටුපසින් ඇවිද එන තරුණියක් අනෙකාට කෙඳිරිය.

“කවුද දන්නේ මෙච්චර ඇවිදින්න වෙයි කියල… කෝකටත් කලබල නොවී අපි බලමු මොකද වෙන්නේ කියල..’ අනෙක් තරුණිය ඇසෙන නැසෙන හඬින් කීවා ය.

” අපි මේ ආවේ වැරදි ගමනක්ද? ”

දිගටි මුහුණක්. සිහින් ඇස් දෙකක්, තියුණු නාසයක් සහ බෙල්ල දක්වා කොට වෙන්නට කපා තිබුණු එතරම් ලකේට නොවැඩුණු කොණ්ඩයක් ද සහිත, තලෙළු සමකින් ද හිමිව තිබු සිත් ගන්නා සුළු පෙනුමකින් යුතු ආරණ්‍යා බාලසූරිය තමන්ගේ සිතෙන් විමසුවාය. “කමක් නෑ නාදුනන කෙනෙක් නෙමෙයිනේ. ගිහින් බලමි ” යි යළි සිතුවා ය.

In stock

Author: බෝධිනී සමරතුංග - Bodhini Samaratunga

Publisher

READING PLANET

පිටු ගණන

256

Reviews

There are no reviews yet.

Be the first to review “මගේ පස්සෙන් එන්න (Follow Me) – MAGE PASSEN ENNA”

Your email address will not be published. Required fields are marked *

In stock