නැන්සි ඩ්‍රෝ ෆින්ලේ මැදුරේ අබිරහසම – Nancy drew fenley madure abirahasa

Rs. 750.00 Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.

නිවසේ වූ නිහඬතාවය බිඳ හරිමින් කිසියම් බිහිසුණු විල්‍ය හඬක් පහත මාලය දෙසින් පැතිරෙන්නට විය. බිය, කම්පනය ඇග කිලිපොලා යන තරම් බිහිසුණු බවක් සහිත ඒ විලාපය ඇසුනු විගසම නැන්සි ගේ සිත පුරා කිසියම් සීතලක් ගලා ගියේ නිමේෂයකිනි. මේ වන විටත් ඇය තමන්ගේ කාමරයේ ඇඳය දිගාවී සඟරාවක් කියවමිනුයි හිටියේ.විලාපය ඇසෙනවාත් සමය ඇය කියවමින් සිටි සඟරාව පැත්තකට දමා හැකි තරම් වේගයෙන් පහත මාලයට දුවගෙන ගියේ ඒ විලාප හඬ කුමක්දැයි විපරම් කිරීමටයි විලාප හඬ නොනවත්වාම ඇසේ. කිසියම් කෙනෙකුට හදිසි විපතක් සිදු වී ඇති බවකුයි ඒ විලාප හඬෙන් ඇඟවෙන්නේ. ඒ ගැන කල්පනා කරමින්ම නැන්සි පහත මාලයට බසින පඩිපෙළ දිගේ වේගයෙන් පහතට දුවන්නට වූවාය. එහෙත් ඇය පහත මාලයට පැමිණෙද්දීම බිහිසුණු විලාප හඬත් එක් වරම නතර විය. නැන්සි මදක් වටපිට විපරම් කෙරුවේ විලාප හඬ කුමක්දැයි

In stock

ඇත්තටම මොකක් ද මේ සිද්ධ වෙන්නේ ?? හිසට ඉහළින් දැල්වෙන කුඩා ලාම්පුව අතින් ස්පර්ෂ කරන ගමන් ම නැන්සි තමාගෙන්ම අසාගත්තා ය. ඒ නිමේෂයේදී ම අද්භූත අඩි සටහන් හඬ නැවතත් ඇසෙන්නට විය. නැන්සි ට හුස්ම ගන්නට පවා අමතක වූ සෙයකි. ඇත්තටම මේ ඇසෙන්නේ අද හවස් වරුවේදී ද තමන්ට ඇසුන සුපුරුදු අඩි සටහන් හඬ බව නැන්සි ට කිසිම සැකයක් නැත. මන්දිරයේ වහලය මත රබර් අඩි සහිත සපත්තු පැළැඳ ගත් කිසිවෙක් ඇවිදිමින් සිටියි. සැඟවී සිටින තැනින් වහා පිටවිය යුතු යැයි නැන්සි ට කල්පනා විය. ඇය හනි හනික එතැනින් පිටවෙන්නට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. මේ වන විටත් ඇය පාළු ෆින්ලේ මන්දිරය ඇතුළේ සිරකාරියක් වි හමාරය.

Publisher

තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers

පිටු ගණන

259

පරිවර්තනය :

සුදත් රොහාන් – Sudath Rohan

Reviews

There are no reviews yet.

Be the first to review “නැන්සි ඩ්‍රෝ ෆින්ලේ මැදුරේ අබිරහසම – Nancy drew fenley madure abirahasa”

Your email address will not be published. Required fields are marked *

Rs. 750.00 Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.

In stock