අමරණීයයන්ගේ කුසලානය – Percy jackson and the olympians,the chalice of the gods

Rs. 1,350.00 Original price was: Rs. 1,350.00.Rs. 1,215.00Current price is: Rs. 1,215.00.

දීප්තිමත් පැත්ත ගැන කිව්වොත්. එහි පිහිනුම් කණ්ඩායමක් වාගේම ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාකයකුත් තිබෙනවා. (ඇයි කියලා නම් කිසිම අදහසක් නෑ) ඉතිං මගේ සුළු පියා. පෝල් බලොෆිස් හිතුවේ ඒක මට හොඳටම ගැළපෙනවා කියලයි. මම උත්සාහ කරලා බලන බවට ඔහුට පොරොන්දු වුණා. ඒ වාගේම මම මගේ පෙම්වතිය, ඇනබෙත්ටත් පොරොන්දුවක් වුණා. සැලැසුම වුණේ මම නියම වේලාවට සමත්වෙන්න, එතකොට දෙන්නාටම එකට විශ්ව විද්‍යාලයට යන්න පුළුවන්. මට එයාගේ බලාපොරොත්තු සුන් කරන්න අවශ්‍ය නෑ. මං නැතුව ඇය තනිවම කැලිෆෝනියාවට යනවා කියන කාරණයම මාව රැ නින්දෙන් අවදි කරලා තිබ්බා… කලින් පාසලේ රෝහල පවත්වාගෙන ගියා යයි සිතිය හැකි තැනක තිබූ පරිපාලන කාර්යාලය මං හොයාගත්තා. මං ඒක නිගමනය කළේ බිත්තියේ තිබ්බ, උණකට්ටක් කටේ ගහගත්ත දම්පාට දුක්බර පෙනුමක් තිබ්බ ගෙම්බෙකුගේ චිත්‍රයකින්. ”ජැක්සන් මහත්මයා ! එන්න ඇතුළට! ” උපදේශකවරිය මේසය වටෙන් ආවේ මට අතට අත දෙන්න සුදාන මෙන්. එතකොට තමයි එයා තේරුම් ගත්තේ මගේ අත් දෙකේ රාත්තල් හයදායක විතර අච්චු පොත් තිබෙන බව. “අනේ. ඔය ටික ඔය කොහෙන් හරි තියන්න.” ඇය පැවසූ අතර, “කරුණාකරලා, වාඩි වෙන්න.” කීවා. ඇය මට අතින් සන් කරලා පෙන්නුවේ අඩියක් පමණ උස නිල් පාට පුටුවක්. ඒක මට සැහෙන්න පොඩියි. මං ඒකේ වාඩි වුණාම මං ඇයගේ ඩෙස්කුව උඩ තිබ්බ ජොලි රෑචර් බෝතලය ඇස් මට්ටමේ. ” ඉතිං!” උපදේශකවරිය ඇගේ සුවපහසු පෙනුමැති, වැඩිහිටි ප්‍රමාණයේ පුටුවේ ඉඳගෙන මා දිහාට දීප්තිමත් සිනාවක් පෑවා. ඇගේ බෝතල් අඩි කන්නාඩි අස්සෙන් එයාගේ ඇස් දෙක පීනනවා වාගේ පෙන්නුවා. ඇගේ අළු පැහැ හිසකේ පේළි පේළි ලෙස කැරලි කොට තිබුණ ආකාරය මට සිහිපත් කළේ බෙල්ලන් අභිනක්. ” කොහොමද? ඔයා මෙතනට හැඩ ගැසෙමින්ද ඉන්නේ?” 2. වෙළෙඳ සන්නාමයක් සෝඩා බීම, සීනි බෝල, ජෙලි ටොපි වැනි ළමයින් කැමති කැම බීම සන්නාමයක්,

In stock

මාව ජල පහරකට ගසාගෙන ගියා මේ බලන්න, මට උසස් පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් වෙන්න කොහෙත්ම ඕනේ නෑ. මගේ තාත්තාට මා වෙනුවෙන් තුණ්ඩු කැල්ලක් ලියලා එවන්න පුළුවන් නම් කියලා මං පතනවා. ආදරණීය කාටහරි, පර්සි ජැක්සන්ව සදහටම පාසැලෙන් නිදහස් කොට, ඔහුට හුදෙක් ඩිප්ලෝමාවක් පමණක් ලබා දෙන්න. ස්තූතියි. පොසෙයිඩන් මා මට වයස අවුරුදු දොළහේ සිට මේ දක්වා දෙවිවරුන් හා රාක්ෂසයන් සමග කරන ලද සටන් ගැන සලකා බැලුවොත් මෙය උපයාගෙන ඇති බව මම දුටුවා. මම ලෝකය බේරාගනු ලැබුවා… තුන් වතාවක්? හතර පාරක්? මට ගාණ මතක නෑ. ඔයාලට විස්තර ඔනේ නෑ. මේ වෙද්දී මට ඒවා මතක ඇති කියලා මට ෂුවර් නෑ. සමහර විට ඔයාලා හිතනවා ඇති. ඒත් නියමයි! ඔයා ඉතිං ග්‍රීක දෙවියකුගේ පුතෙක්නේ! එක නම් අරුම පුදුම දෙයක් වෙන්නැති! අවංකවම ඇත්ත? බොහෝ වේලාවට, උපදෙවියෙක් වෙනවා කියන්නේ ලොකුම ලොකු පුරසාරමක්. ඔයා වෙනස් කියලා කියන ඕනෑම කෙනෙක් ඔයාව ගවේෂණයකට බඳවාගන්න උත්සාහ කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “අමරණීයයන්ගේ කුසලානය – Percy jackson and the olympians,the chalice of the gods”

Your email address will not be published. Required fields are marked *

Rs. 1,350.00 Original price was: Rs. 1,350.00.Rs. 1,215.00Current price is: Rs. 1,215.00.

In stock