පොලියානා – Pollyanna

Rs. 1,250.00 Original price was: Rs. 1,250.00.Rs. 1,000.00Current price is: Rs. 1,000.00.

හෙළී මෙනෙවිය ජුනි මාසයේ එක් උදෑසනත් පොලි හැරින්ටන් මෙනෙවිය ඉතා කලබලයකින් ඇගේ මුළුතැන්ගෙට ඇතුළු වුණාය. සාමාන්‍යයෙන් මෙසේ කලබලයෙන් කිසිවක් කිරීම ඇගේ සිරිත නොවීය. හැම දෙයක්ම ආචාරශීලීව කරන කෙනෙකු හැටියට ඇය, ඇය ගැනම ආඩම්බරයකින් පසු වුණාය. එහෙත් අද නම් ඇය කඩිමුඩියකින්, ඇත්තෙන්ම විශාල කලබලයකින් සිටින්නීය. නැන්සි මුළුතැන්ගෙයි පිඟන් සෝදමින් සිටි අතර. එහි කලබලයෙන් ඇතුළු වන හැරින්ටන් මෙනෙවිය දෙස පුදුමයෙන් හැරි බැලුවාය. ඇය පොලි මෙනෙවියගේ මුළුතැන්ගෙයි වැඩ කටයුතු කර දෙන්නේ මාස දෙකක වේලේ පටන්ය. එහෙත් එදා මෙදා තුර කිසි දාක ඇය. ඇගේ නෝනා මහත්මිය මේ තරම් කලබලයකින් සිටිනු දැක නැත. “නැන්සි.” “ඇයි මැඩම්?” යි නැන්සි උද්‍යෝගයෙන් උත්තර දුන් නමුන් අතේ තිබුණු ජෝගුව සේදීම නැවැත්තුවේ නැත.

In stock

යොවුන් වියේ දිවියක් ගෙවන කවර කෙනෙකු වේවා ඉමිහිරි බලාපොරොත්තුවලින් පිරුණු ජීවන අපේක්ෂා සම්බන්ධ හැඟීම් වලින් මඬනා ලද බව සත්‍යයකි. එහෙත් කුඩා වියේදී ලබන්නා වූ විවධාකාර අත්දැකීම් නිසා දිවිමංතලාවේ නේක ඉසව් අභියසදී විස්මයට හා තැතිගැන්මට ලක්වේ….. යොවුන් පාඨකයන් අතර තාරුණයයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හෘදයංගම ලෙස ජනප්‍රිය වේ. ඒ චරිත විටෙක ජීවිතයට කෙළිලොල් බව – ඉමිහිරි සතුට – මෙන්ම ආත්මවිශ්වාසය ද අත් කර දෙයි. පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයංගම හා රසවත් කතාවකි.

Publisher

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya

පරිවර්තනය :

කත්‍යානා අමරසිංහ – Kathyana Amarasinghe

පිටු ගණන

277

Reviews

There are no reviews yet.

Be the first to review “පොලියානා – Pollyanna”

Your email address will not be published. Required fields are marked *

Rs. 1,250.00 Original price was: Rs. 1,250.00.Rs. 1,000.00Current price is: Rs. 1,000.00.

In stock