කාලය තවුණු ඉක්මනක්, නේදි….? ඔබ කිව්වෙ ඇත්ත. ලෝකයේ සමහර ලස්සන කතා හරි ඉක්මනටම මැකිලා යනවා. ඒ ලස්සන කතන්දරවල මතකයන් මකලා දාන්න කාලය නොයෙකුත් දේ කරනවා. කාලය අපිත් එක්ක සෙල්ලම් කරනවා සමිධ… ඇත්ත නේද? වුණාද? අපිට කාලය හරස් උනාද, නැත්තං අපි කාලයට හරස් හිතාගන්න බැරි මතක ගොන්නක මං හිර වෙලා. බේරුමක් නැති මතකයන් මගේ පස්සෙන් පන්නනවා. හැබැයි, ඒ මතකයන්ට මං හරි ආදරෙයි…. හැම කතාවකටම ආරම්භයක් තියෙනවා. හැම කතාවකටම අවසානයක් තියෙනවා. හැබැයි මේ කතාවට ආරම්භයක් හෝ අවසානයක් නැහැ. ආරම්භය අවසානය කියන වචන දෙකක් මැද දෝලනය වෙන කාල යාත්‍රාවෙන් අපි අපේම ලෝකෙක තනි උනා. ඒක හරි අපූරු අත්දැකීමක් නේද? හිතල බලන්න… අපිට අපේම ලෝකෙක තනි වෙන්න හම්බුණා නම්… හැමදාමත් මැයිමාර මලක සුවඳ විඳින්න තිබුණා නම්… හැබැයි මැයිමාර මලක් උනත් පිපෙන්නේ වාරෙකට; මැයිමාර කාලෙට. ඒක හරි ආදරණීය කාර්තුවක්…
සංචරණී – Sancharanee
දන්නවද, මේ ලෝකෙ තියෙන ලස්සනම අකුරු තුන ආදරේලු….
ඒත්… ඔයා දන්නවද
ඒ අකුරු තුනට වඩා ලස්සන දේවල් තව කොච්චර ලෝකෙ තියෙනවද කියලා?
ඒවා දකින්න හැමෝටම බැහැ.
හැබැයි දන්නවද,
ඒ ලස්සන ගැවුණ ගෑවුණ හැම තැනකම ආදරෙත් මුහු වෙලා තියෙනවා.
අන්න ඒකයි ආදරේ හරි ලස්සනයි කියන්නෙ.
ලස්සන තැන්වල ආදරේ රැඳෙනවා…
ආදරේ ඇතුළෙ ලස්සන දකිනවා…
අන්න ඒකයි අකුරු තුනකට පණ දෙන රහස !






Reviews
There are no reviews yet.