සිම්පල් සයිමන්

Rs. 1,000.00 Rs. 800.00

ඉපදුනේ හැට දෙකේ. පේරාදෙනියේ වළේ සිංහබාහු බලනකොට මට අටයි. හැත්තෑ එකේ කැරැල්ල ගැන ප්‍රවෘත්ති අහන්න, අපි අල්ලපු ගෙදර රේඩියෝව ළඟ ඇන තියා ගත්තේ, පන්සලේ බණ මඩුවට ගොඩවෙච්ච සැදැහැවත් පිරිසක් වාගේ. ඒක කටකාර අම්මණ්ඩි කෙනෙක් වාගේ විශාල වෑල්ව් රේඩියෝවක්.
“ වේලාව සවස හයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති…” කියලා ඇහෙන කොටම අපි කට ඉස්සර කරලා නිවේදකයාගේ නම කියනවා. මගේ ප්‍රියතම ප්‍රවෘත්ති නිවේදකයා වුණේ සිරිල් රාජපක්ෂ මහත්තයා. ඒ කාලේ, අපි නොදන්න නිවේදකයෙක් ගුවන් විදුලියේ හිටියේ නැති ගානයි. අපි ඒ තරමටම ගුවන් විදුලියට සමීපයි. වැඩ සටහන් නිෂ්පාදකයින් අතරින් මගේ සිත් ගත්තේ එච්.එම්. ගුණසේකර, මඩවල එස්. රත්තනායක, අමරදාස ගුණවර්ධන, රවිලාල් විමලධර්ම වාගේ නිවිච්ච වැඩිහිටියෝ.
සෑම අගෝස්තු මාසයකම, පළවෙනි කුඹල් පෙරහැරේ ඉඳලා අවසාන රන්දෝලිය වෙන කල් හැම පෙරහැරක්ම අතනෑර බැලුවා. මගේ මිතුරෝ පෙරහැරේ අලි ගණන් කරද්දි, මං හැකි සෑම බෙර පදයක්ම කටපාඩම් කරගත්තා.
————————————————————————–
සිම්පල් සයිමන්
කතෘ – විෂ්ණු වාසු

Out stock

Out of stock

Email when stock available

මේක සීරියස් කථාවක් නෙවෙයි. මං වාගේ සිම්පල් සයිමන් කෙනෙකුගෙන් එහෙම සීරියස් කථාවක් බලාපොරොත්තු වෙන එකත් වැරදියි. මට ඕනේ හොටු පෙරාගෙන කියවන ඇතෙක් බර කථාවක් ලියන්න නෙවෙයි. මට ඕනේ බස් එකේ යනකොට, උණ හෙම්බිරිස්සාව හැදිලා නිවාස අඩස්සියේ ඉන්නකොට, මූණත් එක්කලා තරහා වෙලා නහය කපාගන්න හිතෙනකොට කියවන්න කථා ලියන්න. මට ඕනේ කැමති තැනකින් පෙරලලා අරං කියවන්න පුළුවන් හිත පිරෙන කථා ලියන්න.

මේ කෙටි කතා එකතුවට වස්තු විෂය වන්නේ ලංකා දූපතේ සිට භාරත දේශයට සංක්‍රමණය වූ නාඹර ගවේශකයෙක්, කර්ණාටක සංගීතය ගැඹුරින් හදාරන්නට ගුරුකුලවාසී ශ්‍රාවකයෙකු ලෙස ගතකළ දින දහසක ජීවිතයේ රස තැන්. සාමාන්‍යයෙන් මං රස්තියාදුවේ යනකොට මුහුණ දෙන සුවිශේෂ සිදුවීම් පිළිබඳව කටු සටහන් ලියන එක සංසාරික පුරුද්දක්. ඒ ඇරුනාම මගේ මතකයත් හරිම තියුණුයි. මා අත්විඳින රසවත්, හරවත් සිදුවීම්, බිතු සිතුවම් රූප වාගේ මගේ හිතේ ඇඳෙනවා. මේ කථා ලියැවෙන්නේ ඒ කටු සටහන් සහ බිතු සිතුවම් සංචිතයෙන් සීරුමාරුවට තෝරාගත් මතක, මගේ ෆැන්ටසිය හා කැලතීමෙන්.

මේ බරසාර අත්දැකීම් එකක්වත් , රීදි බන්දේසියක් මත තබා, මට තිළිණ කළ අහම්බයක් නෙවෙයි. දශක හයක් තිස්සේ කළ හැදෑරීම් වෙනුවෙන්, අවස්ථා කිහිපයකදීම, මගේ ශරිිරය පවා උගසට තැබු වග සිහිපත් වෙනකොට, කලාවක් ප්‍රගුණ කරන්නට මා තරම් දුෂ්කර ක්‍රියාවන් හි නියැළුනු මගේ පරම්පරාවේ තවත් අයෙක් මේ දූපතේ ජීවතුන් අතර සිටිදැයි මට සැකයි.

Publisher

සුරස – Surasa (fast publishing)

පිටු ගණන

232

Reviews

There are no reviews yet.

Be the first to review “සිම්පල් සයිමන්”

Your email address will not be published. Required fields are marked *

Rs. 1,000.00 Rs. 800.00

Out of stock

Email when stock available