බාබා එම පිගාන අතට ගෙන එය ආකාශයට දිගු කර එම ආහාර වේල වෙනුවෙන් විශ්වයටත්, එම ශරීරය ආහාර වෙනුවෙන් දුන්නාවූ සත්වයාටහ් ස්තූති කලේය.
“උබ කොපමන ආලෙක ඉදන් ඔය විදියට ස්තූති කරනවද?” තරුණයා බාබාගෙන් ඇසුවේය.
“කුඩා කාලේ ඉදන්, මම මේක මගේ මවගෙන් පුරුදු වුනු දෙයක්”
“එතකොට උබ කවදාවත්ම බඩගින්නේ ඉදලා නැද්ද?”
“නැහැ, බඩගින්නේ ඉන්න සෑම මොහොතකම මට මොන විදියකින් හරි කෑම ඇබෙනවා, බලපන් අපි මේ පර්වතයට එද්දි අපිට කන්න මුකුත් තිබුනද, නැහැ…. එහෙත් මේ මහා විසාල ගල පිටුපස්සේ තියෙන සාර භූමීය අපිට පිහිට වුනේ නැද්ද? ඒ භූමීයේ ඉබේම වැවුනු අර්තාපල් මඤ්ඤොක්කා මේ සත්වයින් අපිට ආහාරයක් වුනේ නැද්ද?
තරුණයාට කුසගිනි දැනුනේ නැත. සිත දැනුමින් පිරී යන විට කුසගින්නත් ඉබේම නැතිවී යනු ඔහුට දැනින.
“වෙන්න පුළුවන් එහෙත් ඒක අහම්බයක් වෙන්න බැරිද?”ඔහු ඇසුවේය.
“නැහැ .. අපිට ලැබෙන දේවල් වලට අපි ස්තූතී කරද්දී ඒ දේවල් අපිට තවත් වැඩි වැඩියෙන් ලැබෙනවා මිසක් කවදාවත් අඩු වෙන්නෑ, ඒක මම හොදාකාරවම දන්න දෙයක්” බාබා කීවේය.
Reviews
There are no reviews yet.