ප්‍රේමසුත්‍ර

Rs. 1,400.00 Rs. 1,120.00

ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි.

එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑමවිට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබූ අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියා ය.

අතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අමිහිරි අත්දැකීම්වලින් පිරි පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්‍රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි

In stock

Author: චූලාභය ශාන්ත කුමාර හේරත් - Chulabhaya Shantha Kumara Herath

‘මාස්ටර්…. ගෑනු හරියට හුළග වගේ…. නොකියම එනවා… නොකියම යනවා… ආවා වගේ නෙවෙයි… යනකොට යන්නෙ හැඩිකරලා… අවුල් කරලා… හැඩි වුණාට පස්සෙ එකලස් කරගන්න හරි අමාරුයි. ගෑනු කියන්නෙම කෙළවරක් නැති සබ්ජෙට් එකක් මාස්ටර්… කොච්චර කතා කළත් ඉවරයක් නෑ… ඇතුවත් බෑ. නැතුවත් බෑ…. උන් එක්ක ජීවත්වෙනවා කියන එක ලේසි නෑ තමයි.. එත් ගෑනියෙකුට කිට්ටු වෙනකොට, ගෑනියෙකුට යටත් වෙනකොට, උන්ට ඇහුංකං දෙනකොට, උන් එක්ක රණ්ඩුවෙනකොට එතන මොකක්දෝ තේරුම් ගන්න බැරි දෙයක් තියනවා… ඒක අපිට පිරිමියෙක් එක්ක කරන්න බැරි ගනු දෙනුවක්…’’

Publisher

සුරස – Surasa (fast publishing)

පිටු ගණන

390

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රේමසුත්‍ර”

Your email address will not be published. Required fields are marked *

Rs. 1,400.00 Rs. 1,120.00

In stock