මම පිස්සෙක් වෙමි.
ඔබ යමෙකුට පිස්සා යැයි කියන්නේ නම්, මම එවැනි පිස්සෙක් වෙමි. ඔබ යමෙකුට කාලකණ්ණියා යැයි කියන්නේ නම් මම කාලකණ්ණියෙක් වෙමි. ඔබ යමෙකුට මුසලයා යැයි කියන්නේ නම් මම මූසලයෙක් වෙමි. ඔබ යමෙකුට හොරා යැයි ගරහන්නේ නම් මම හොරකමට ඇබ්බැහි වී සිටිමි. ඔබ යමෙකුට කුපාඩියා යැයි කියන්නේ නම් මම කුපාඩිකමට සූදානමින් සිටිමි. ඔබ යමෙකුට වනචරයා යැයි නින්දා කරන්නේ නම් මම වනචර කමට ප්රිය කරමි.
ඒ අනුව;
මම සදාචාර විරෝධී වන්නෙමි. මම විනය කඩන්නෙමි. මම බිය නො වෙමි. ඔබ මට දැන් පිස්සා යැයි කියනු ඇත. මම බෙහෙවින් සතුටටත් උද්දාමයටත් පත් වෙමි.
මගේ කුලුඳුල් පෙම්වතිය
දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන
– උපුල් ශාන්ත සන්නස්ගල
Out stock
Out of stock
Email when stock available
Publisher | Grantha Publisher |
---|---|
පිටු ගණන | 352 |
You may also like…
NO STOPPING OR TURNING BACK (සිංහල නවකතාව)
Original price was: Rs. 3,750.00.Rs. 3,375.00Current price is: Rs. 3,375.00.Out of stock
Reviews
There are no reviews yet.