අසනි වැස්සක් වැටිණ. දෙපත් කපාගෙන ඇද හැළුණු මහ වැස්ස, දෙරණ බිලිගන්නට එන්නා වූ රකුසෙකුගේ විලාසය ගනී. වැස්ස තුරල් වන පාටක් නැත. සඳුනි දෙපාරක් පාපිස්සේ හප්පා ආපසු හැරී බැලුවාය. වැස්ස තමා පසුපස හඹා ආයේ සතුරෙකු පරිද්දෙනි. හිටි ගමන් ඇද හැළුණු වැස්සට ඈ බිය වූවා ය. ඈ කවදත් වැස්සට බිය ය. විළිරුදාවෙන් පෙළෙන ගැබ්බර අහස අකුණු ගසන විට ඈ තිගැස්සුණාය. වැස්සේ තෙත බරිත වෙමින් ටික දුරක් පැමිණි ඈ හිස ගස්සා ආපසු බැලුවා ය. ඇගේ දෙනෙතේ තිබුණේ බියකි. සතුරු සේනාවක් වෙඩි තබමින් කෑ මොර දී තමා පසුපස හඹා ආ කලෙක ඔවුන්ගෙන් බේරුණාක් වැනි හැඟීමක් ගෙට ගොඩ වූ සැණින් ඇයට දැනිණ. ඉස්තෝප්පුවේ කොට තාප්පයේ වාඩි වී සිටි රංග අයියා දෙසට ඈ හෙළුවේ ජයග්‍රාහී බැල්මකි. එහෙත් ඔහුගේ අවධානය ඇය වෙතට යොමු වුයේ නැත. ඇගේ ගෑවෙන සීමාවට රංග අයියා දෙසට කිට්ටු වූ සඳුනි, ඔහුගේ අවධානය උදුරා ගන්නට තැත් කළාය. එහෙත් රංග, නිනව්වක් නැති මහ වැස්ස දෙස අපේක්ෂා භරිතව බලා සිටියේ ය. කොට තාප්පය මත සඳුනි සටහන් මිටිය තැබුයේ කනස්සල්ලෙනි.
සංගිලිපාලම – Sangilipalama

Reviews
There are no reviews yet.