“හරි ම ඉහළ ‘ යි සුස්මක් හරිමින් ද කුද් සිටු දේවිය රාවයක් පිට කළාය. ” ආ? ” යි සිටුවරයා සිය තරුණ බිරිද දෙසට හැරෙමින් ප්‍රශ්න කෙළේ ය. ” මොකක් ද හරිම ඉහළ ? ” ඉක්බිති ව ඇය මහත් සේ අගය කළ වස්තුව කුමක්දැයි දැන ගනු පිණිස ඔහු සිය දෙ නෙත නොයෙක් දිශාවලට යොමු කෙළේය. “නෑ. නෑ. මොකුත් නෑ අනේ. ”යි රෝස පැහැති දෙ කොපුලෙහි මොහොතකට පැතිරී ගිය මඳ රත් පැහැයක් ඇති ව සිටු දේවිය පිළිතුරු දුන්නාය. ” මම අගේ කරමින් කල්පනා කර කර හිටිය. නිව් යෝකයේ මිනිස්සු ස්කයි ක්‍රෙ පස් කියලා කියන ඒ දැවැන්ත ගොඩ නැඟිලි ගැන.” මෙ සේ පැවසූ සුන්දර සිටු දේවිය නැව් පුටුවෙහි වඩාත් සුව පහසු අන්දමින් වාඩි ගත්තී, ” මොකුත් නෑ ” යන්නෙන් ඇය ගේ උකුළ මත වැටී තිබුණු සඟරාව යළිත් ගෙන කියවන්නට පටන් ගත්තාය. නිමග්න විය. එහෙත් නිව් මෑත දිනක දී බිහිසුණු කිරීම ගැන පහළ වූ ඇය ගේ සැමියා යළිත් සිය පොතෙහි යෝකයෙන් පිට වී දින තුනකට පසු ව, ඇයම යැයි කියු ගොඩ නැගිලි ඒ හදිසියේ ම අගය විමතියකින් තොර ව නම් නොවේ. ඉක්බිති ව සිටුවරයා පොත පසෙකින් තැබීය. ” හරි ම කම්මැළි යි ඔල්ගා. ” යි ඔහු කීය. ” මං වගේ ම කම්මැළි කමින් ඉන්න කීප දෙනෙක් හොයා ගෙන, අපිට කාඩ්ස් අතක් ගහන්න පුළුවන් ද කියලා හොයලා බලන්න මට හිත යි.






Reviews
There are no reviews yet.