විලියම් සහ රසකැවිලි සාප්පුව – William saha rasakewili sappuwa

Rs. 650.00 Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.

රාක්ක වල තියෙන බෝතල් විවිධ වර්ගයේ රස කැවිලි වලින් පිරිලා ඇති හැටි විලියම්ට පෙනෙනවා. වැඩි වෙලාවක් යන්නට පෙර බටර් බෝල වර්ගයේ රස කැවිල්ලක් විලියම්ගේ මුවට ඇතුල් වුණා. ඊට පස්සෙ ඔහු අතට ගත්තෙ අන්නාසිවලින් සාදා ඇති ෆයිනැපල් ක්‍රිස් රස කැවිල්ලක්. ඉක්මණින්ම ඒ කැවිලි තොගයත් ඉවර වුණා.

In stock

විලියම්…. ඔයා ආයෙත් ඔය ජරා සෙල්ලම පටන්ගත්ත ද ?. ” විලියම් ගේ අම්මා, ඒ කියන්නේ බ්‍රවුන් මහත්මිය විලියම්ගෙන් ඇහුවේ ගොඩාක් තරහෙන්. එතකොටම ඇඟ පුරා මඩ තවර ගත්තු විලියම් ගෙදරට ගොඩ වුණා. විලියම් මොන තරම් අපිරිසිදු වෙලා ද කියනවා නම් බ්‍රවුන් මහත්මියට ඔහු එක පාරටම අඳුන ගන්නත් අපහසු වුණා. ” මම මොනවත් කළේ නෑ අම්මේ. අනික ඔයා කරන්න එපා කියන කිසිම දෙයක් මම කරන්නෙත් නෑ. අපි අද කළේ සිංහයා සහ සිංහයෝ හීලැ කරන්නා කියන සෙල්ලම. ඒ සෙල්ලම කරන්න එපා කියලා ඔයා මට කියලා නැති හින්දයි මම ඒ සෙල්ලම කළේ. හොඳයි… අද ඉඳලා මම ඒ සෙල්ලම කරන්නෙත් නෑ. ඔයා පා කියනවා නම් කවුරු කීවත් මම කිසිම සෙල්ලමක් කරන්නේ නෑ.. මේ ඇත්තමයි අම්මේ..” අම්මට තරහ ගිහිං තියෙන බව දැනගත්තු විලියම් ගොඩාක් අසරණ විදිහට දිග විස්තරයක් කියන්න පටන් ගත්තා. ඒ වුනත් විලියම් ගේ කපටිකම් ගැන හොඳට දන්න අම්මා ඔහුගේ කථාවට බාධා කරමින් මෙහෙම ඇහුවා. හොඳයි….. එහෙනම් ඔයා මොන සෙල්ලම ද කරන්න හිතාගෙන ඉන්නේ.

පරිවර්තනය :

සුදත් රොහාන් – Sudath Rohan

Publisher

තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers

පිටු ගණන

145

Reviews

There are no reviews yet.

Be the first to review “විලියම් සහ රසකැවිලි සාප්පුව – William saha rasakewili sappuwa”

Your email address will not be published. Required fields are marked *

Rs. 650.00 Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.

In stock