අචලා දිල්රුක්ෂි මාරසිංහ - Achala Dilrukshi Marasinghe

අචලා දිල්රුක්ෂි මාරසිංහ - Achala Dilrukshi Marasinghe

  • 1
  • -20%
    (0)

    සජ්ඣායනා – Sajjayana

    ළා ඉරේ රැස් කදම්බය පොළොව
    සිප ගත්තේ හරි පරිස්සමට තමාගේ
    පෙම්වතියට සිපගන්න පෙම්වතෙක්
    වගේ. හමන සුළගේ පවා තැවරිලා
    තිබ්බේ අමුතුම සතුටක් නැවුම් බවක්.
    දෝරේ ගලනා ආදරය ඉවුරුතලා
    ඉහිරෙද්දී මින් පෙර කිසිදු දිනෙක
    නොවිඳි මිහිරියාවකින් සිත මන්මත්
    වෙද්දී සඳැසි නොඉවසිල්ලෙන් බලා
    සිටියේ උදෑසනින්ම ඒ අළු දුඹුරු දෑස
    දැක ගන්නයි.
    “මොකො උබේ මූණ වෙනදට
    නැති පාටක් වැටිලා?”

    “ඇයි, අද මගේ මූණ මොන පාටද?”

    ” ඒක තනිකරම ඉතිං පෙම් පාටක්
    වගේ තමයි මට පෙන්නේ”

    “අනේ මේ පලයං යන්න. එහෙම
    පාටක් මම පොඩි කාලේවත් දැකලා
    නෑනෙ. අඩුම ගාණෙ අපේ පාට
    පෙට්ටියකටත්.”

    ” ඔව් ඔව්… ඒවා මේ පොඩි කාලේ
    පේන පාට නෙමේයි නංගි, පොඩක්
    ලොකු වෙලා අළු ගක දාලා ආවට
    පස්සෙ වැටෙන පාටක්.

    Rs. 1,560.00