ගංගානත් දිසානයක - Ganganath Dissanayake

ගංගානත් දිසානයක - Ganganath Dissanayake

  • 1
  • -10%
    (0)

    පැණි වළලු – PENI WALALU

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.
    වටිනාපහ වලව්වේ ශ්රීමතී ගිරි මල්ලිකා දිසානායක කුමාරිහාමි මගේ ආච්චි අම්මා මට යන්තම් අවුරුදු හතර පිරෙද්දි අම්මා අකාලයේ මිය පරලොව ගිය නිසා අපේ ජීවිත අතරමං නොවී නතර වුණේ ආච්චි අම්මා ළඟ. ඔසරි පොට උල් වෙන්න උඩරට සාරිය ඇඳල, බෝරිච්චි හැට්ටෙ උඩින් අගස්ති මාලෙ දාලා, බදල අල්ලන්න බැරි තරම් තඩි වේවැල් පුටුවෙ නේක වර්ණ ගල් අල්ලපු මුදු, වළලු පිරුණු අත් දෙක දෙපැත්තට විසි කරගෙන ආච්චි අම්මා වාඩි වෙලා ඉන්නව ඉස්තෝප්පුවේ. ආයා කටු ගහපු බඩ පෙන්නන හිර හැට්ටත් කිලුටු චිත්තත් ඇඳගෙන පන්මලු කිහිලි ගන්නා ගත් ගමේ දුප්පත් ගෑනු ඉස්තෝප්පුවේ සීතල සිමෙන්ති පොළොවේ ආච්චි අම්මා දිහාවට හැරිල වාඩි වෙලා ඉන්නව. දම්සභා මණ්ඩපයක වගේ ඒ ගෑනුත් ආච්චි අම්මාත් හරි හරියට කතාව. බුලත්විට කහටට රතුපාට උන ඒ ගෑනුන්ගේ කටවල් ඇරෙනවා. වැහෙනවා. ආච්චි අම්මාත් “අප්පච්චි…යේ….. ඉතින්… ඉතින්…’ කිය කියා ගෑනුන්ට උල්පන්දං දෙනවා. ගෑනුන්ගේ කතා වලින් වරින් වර ප්රමෝදයට පත් වෙන ආච්චි අම්මාගේ හිනා හඬ වලව්වේ ඉස්තෝප්පුවේ වහලෙ වැදිල මිදුලට විසි වෙනවා. මට ඒ කිසිම කතාවක් නොතේරුණත් දිග ඉස්තෝප්පුවේ කෙළවර තියෙන දොර රෙද්දට මුවාවෙලා ලොකු ඇස් ගෙඩි දෙක ඒ පැත්තටත් මේ පැත්තටත් කරකව කරකව ගෙම්බෙක් වගේ මාත් බලාගෙන ඉන්නවා.
    ටික වෙලාවක් ගිහාම ආච්චි අම්මාට සතුට හොඳටම ඇති. ඊළඟට ‘ ඔහොම හිටහල්ල ඩිංගක්” කියල ආච්චි අම්මා ගෙට යනව. ආපහු එන්නෙ අලුත කොටපු සම්බා හාල් මල්ලක් පුරෝගෙන. ගෑනු ගෙනාපු පන්මලු කට ලොකු කරල අල්ලනවා. ආච්චි අම්මා මලු පිරෙන්න හාල් දාලා “ඉඳා. මේකත් තියාගනිල්ලා ‘ කියල සල්ලිත් මිට මොළවනවා. ඊළඟට ගෑනු එහෙනං අපි ගිහිං එඤ්ඤං වලව්වේ හාමුදුරුවනේ… පොඩි බේබි මොකෑ අද ඉස්කෝලෙ ගියෙ නෑ?” කියල මටත් ඔලොක්කුවක් දාගෙන නැගිටල යන්න යනවා. මමත් ගෙම්බෙක් වගේ ලොඹු පුබල ඇහිපිල්ලම් ගහල කරබාගෙන ඉන්නව මිසක් මොකුත් කියන්න යන්නෙ නෑ. පන්මලු වල පුරෝගෙන ආපු ඕපාදුප ඔක්කොම ඉස්තෝප්පුවේ හළලා ඒ වෙනුවට සම්බ හාල් පුරෝගෙන යන කොට ඒ ගෑනු අමාරුවෙන් ඇවිදින්නෙ ඕපාදූප වලට වඩා සම්බහාල් බර හන්දා වෙන්නැති. කවදාවත් පත්තර කියවන්නේවත් චිත්රපටි බලන්නේවත් නැති ආච්චි අම්මා පත්තර, චිත්රපටි රසයම මේ ඕපාදූප කතා අහල විඳිනවා.
    ගෑනු ටික ගියාට පස්සේ ආච්චි අම්මා ඉස්තෝප්පුවේ ඉදං සාලෙට හැරෙන ගමන් සාලෙ බිත්තියට හේත්තු කරල තියෙන ලොකු තොම්සන් ඔර්ලෝසුව දිහා බලල්ල “අප්පච්චියේ… දන්නෙම නැතුව දහයත් වෙලා කියල තමාටම කියා ගන්නවා.
    ඊළඟට මගේ වාරේ. මමත් ගෙම්බෙක් වගේ පැනගෙන පැනගෙන ඇවිත් ඔසරි පොට ළඟ නැවතිල උඩ බලනවා. ආච්චි අම්මා බෙල්ල පහතට නමල මගෙ දිහා හැඩේට බලල උඹ මොකද?” කියලා අහනවා. මම උඩ බලාගෙනම දිග ඇහිපිල්ලමක් ගහනවා මිසක් මොකුත් කියන්න යන්නෙ නෑ. ඊළඟට ආච්චි අම්මා සාලෙ දිගටම ඇවිත් වමට හැරිල පටු බරාඳය දිගේ ඇවිදන් යනවා. මමත් පස්සෙන් වැටිල යනවා. බරාඳය දිගටම ගියාම කෙළවර විශාල කෑම කාමරය. කෑම කාමරයේ දකුණු පැත්තේ උස මිනිහකුට වඩා උස කැටයම් කපාපු ලී සේප්පුවක් තියෙනවා. ඒ සේප්පුව උඩ නා තා හැඩැති වේවැල් පෙට්ටි වගයක් තියෙනවා. කෑම මෙ සෙටවත් උස නැති මට ඒ වේවැල් පෙට්ටි පේන්නෙ අහසෙ තියෙනවා වගෙයි.
    ඊළඟට ආච්චි අම්මා යන්නේ ඒ ලී සේප්පුව ළඟට. ඒ සේප්පුව උඩ තියෙන එක කළුපාට වේවැල් පෙට්ටියක් හරියට හස්ති රාජයෙකු පිට තියෙන කරඬුවක් බා ගන්නා වගේ දෝතින්ම ගරුසරු ඇතිව ලතාවට බා ගන්නා ආච්චි අම්මා ඒක කෑම මේසෙ උඩින් තියල වැහුම් අරිනවා. මං කකුලේ ඇඟිලි තුඩුව
    මේසේ උඩ තියෙන වේවැල් පෙට්ටියේ අත් දෙකින්ම එල්ලුනාම යන්තම් පෙට්ටිය ඇතුළට ඇහැ විතරක් පොවා ගන්න පුළුවන්. මං ඇස් කරක වල පෙට්ටිය ඇතුළ බලනවා.
    හත් දෙයියනේ. ඒකෙ තියෙන්නෙ මගෙ දිව්ය ලෝක රස. පැණි වළලු..!