නිමල් අබේසිංහ - Nimal Abeysinghe
- 1
-
(0)
ජාතිවාදය ඇවිස්සු ගර්භාෂ යුද්ධය- JATHIWADAYA EVISSU GARBHASHA YUDDHAYA
Rs. 700.00Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.ඕනෑම බොරුවක සැබෑව කිනම් දවසක හෝ හෙළිදරව් වීම නොවැළැක්විය හැක්කකි. බොරුවක් නිරන්තරයෙන් රැක ගැනීමට කරනු ලබන උත්සාහයද, රබර් බෝලයක් අතින් දිය යට සඟවා තැබීමට කරනු ලබන උත්සාහයකට දෙවෙනි නොවේ.
කුරුණෑගල රෝහලේ ප්‍රව හා නාරිවේද අංශයේ ජ්‍යේෂ්ට වෛද්‍යවරයෙකු වන වෛද්‍ය සේගු ෂියාදීන් ෂාෆි විසින් ‘ මව්වරුන්ට සිදු කරනු ලබන සිසේරියන් සැත්කම්වලදී, සැත්කමට බඳුන් වෙන කාන්තාවන් හොර රහසේ වන්ධ්‍යාකරණයට ලක් කරන්නේය’ යන චෝදනාව ආරම්භ වූයේ කුරුණෑගල රෝහලෙනි.
පසුව මෙයට ශ්‍රී ලංකා පොලිසිය ද එක් වූයේය. දිනපතා ‘දිවයින’ පුවත්පත ඔස්සේ මේ ව්‍යාජ සිද්ධිය පළ කරන ලද්දේ මැනවින් පලිප්පු දමමිනි.
මේ සමගම දේශපාලනඥයන් වන විමල් වීරවංශ මහතා හා අතුරලියේ රතන වැනි ආගම්වාදී භික්ෂූන්ද එකී ගින්නට පිදුරු දමමින්, එය ‘ගර්භාෂ යුද්ධයක්’ බව පැවසූහ. මෙම තොරතුරෙන් සිංහල ජාතිය කළඹවන්නට කැස කැවුවත්, කුමක් හෝ හේතුවක් නිසා එය ඔවුනට කර ගැනීමට නොහැකි විය.
මෙම සිද්ධියේදී ඇතැම් පුවත්පත් සහ රූපවාහිනී මාධ්‍ය ඊට උඩගෙඩි දීම කනගාටුවට කරුණකි.
(කර්තෘගේ සටහන)
