Alexandre Dumas
- 6
-
(0)By : Alexandre Dumas
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1 – Monte Cristo situvaraya 1
Rs. 980.00Original price was: Rs. 980.00.Rs. 882.00Current price is: Rs. 882.00.ඔහු එනු දුටු කෙණෙහි ම, අප මුලින් සඳහන් කළ තරුණ තෙමේ, වහාම නියමුවා අසලින් ඉවත්ව, හිස් වැසුම අතට ගෙන නැව් තට්ටුවේ අයිනකට පැමිණියේ ය. ඔහු කාල වර්ණ දෙ නෙතකින් ද, රේවන් කවුඩකුගේ පියා පත් වැනි කළුවන් කෙස් කළඹකින් ද හෙබි දහ නව හැවිරිදි නැත හොත් විසි හැවිරිදි හින්දැරි උස තරුණයෙක් වී ය. තොටිල්ලේ සිට ම අතුරු අන්තරාවන්ට භාජනය වීමට හුරු පුරුදු වූ මිනිසුන් කෙරෙහි පමණක් දක්නට ලැබෙන උපශාන්ත ගැඹුරු බවකුත් දඩි අධිෂ්ඨාන ශක්තියකුත් ඔහුගේ මුහුණෙහි පිළිබිඹු වී තිබිණ. ” ආ ! මේ ඔබ ද දාන්නේ? ” යි කුඩා බෝට්ටුවෙන් නැව අසලට පැමිණි තැනැත්තා කෑ ගසා ඇසී ය. ” මොක ද වෙලා තියෙන්නේ? මොක ද නැවේ මෙච්චර දුක් මුසු පෙනුමක් තියෙන්නෙ? ” ” මහා විපත්තියක්, මොරේල් මහත්මයා! ” යි තරුණයා පිළිතුරු දින. “ මහා විපත්තියක් සිද්ධ වුණා: විශේෂයෙන් මට සිද්ධ වුණා. සිවිටා වෙකියා දුපතට ටිකක් එහා දි අපේ එඩිතර කපිතන් ලෙක්ලෙයාර් අන්තරා වුණා.” එනකොට නැවේ බඩු? ” යි නැව් හිමියා මහත් සේ විමසුම් සහගත වී ය. ” නැවේ බඩු ඔක්කෝම පරිස්සමෙන් තියෙනවා, මොරෙල් මහත්මයා: ඒ ගැන ඔබට බය වෙන්න කාරණයක් ඇති යි කියලා මම හිතන්නෙ නෑ, නමුත් අසරණ කපිතන් ලෙක්ලෙයාර් – ” ” ඔව්, මොකද වුණේ ඔහුට?” යි මෙහි දී සැනසිලි සහගත ව නැව් හිමියා ප්‍රශ්න කෙළේ ය. ” ඔව්, මොක ද වුණේ අපේ හොඳ කපිතන්ට? ” ඔහු මැරුණා. ” ” මුදට වැටිලා? ” ” නෑ, මහත්මයා. ඔහු මැරුණෙ මොළයේ උණෙන්, හරියට දුක් විඳලා “
-
(0)By : Alexandre Dumas
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2 – Monte Cristo 2
Rs. 950.00Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00.හුස්ම හිර වී විසංඥ වේගෙන ම වාගේ යත් දී මහත් වෑයමෙන් දෙකට නැමී යකඩ බෝලය බැඳ තිබුණු කඹ පට බලවත් උත්සාහයකින් කපා දැමීමට ඔහු සමත් වීය. ඉක්බිති ව තද බල වෑයමක් දරා ඔහු දිය මතු පිටට එම තමාට මිනී පොරෝණයක් වීමට තිබුණු ගෝනිය යකඩ බෝලයත් සමඟම දිය යටට කිඳා බසිනු ඔහු දිටීය. හුස්ම ගැනීමට පමණක් මොහොතක් දිය මතු පිටට වී සිටි ඔහු, කිසිවෙකු ගේ දෑසට තමා ලක් වෙති යි බිය ගත්තේ, එ කෙණෙහි ම යළිත් දිය යටට කිමිදී ගියේය. දෙවැනි වරට ඔහු මතු වන විට සිටියේ මුලින් වැටුණු තැනට පියවර පනසකට පමණ ඈතිනි. තම හිසට උඩින් කාල වර්ණ වුත් කැළඹී ගියා වූත් අහසක් පැතිරි තිබෙනු ඔහුට පෙනිණ. වාෂ්ප සමූහ සේ එහි වේගයෙන් පා වී ගිය වලා අතරින් තරුවක දිලිසීමක් මොහොතකට ඔහුට දකින්නට ලැබිණ. ඔහු ඉදිරියෙන් මුහුදේ මහා ජල කඳ ඉමක් කොනක් නොමැති ව පැතිරී තිබිණ
-
(0)By : Alexandre Dumas
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3- Monte Cristo 3
Rs. 950.00Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00. -
(0)By : Alexandre Dumas
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4- Monte Cristo 4
Rs. 850.00Original price was: Rs. 850.00.Rs. 765.00Current price is: Rs. 765.00.9555511551
-
(0)By : Alexandre Dumas
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4- Monte Cristo 4
Rs. 1,100.00Original price was: Rs. 1,100.00.Rs. 990.00Current price is: Rs. 990.00.දෙ දිනකට පසු, පෙරවරු දහයට පමණ, විල්පෙපාර් මහතාගේ මැඳුර ඉදිරි පිට, මහා ජන කායක් රැස් වී සිටිනු දක්නා ලදි. ජෝපාබුර්ග් සේන් ඔනෝරේ වීථියේ සිට පෙපිනියෙර් විථීය දක්වා වූ මහා මාර්ගයෙහි අවමඟුල් රථ වලින් හා පුද්ගලික රථ වලින් සැදුණු දීර්ඝ රථ වාහන පෙරහරක් පෙළ ගැසී තිබිණ. මේ රථ වාහන අතර, ඉතා ඈතක සිට ආ බවක් පෙනුණා වූද අද්භූත ආකාරයකින් යුක්ත වූ ද කිසියම් රථයක් වූයේ ය. කළු පැහැ ගත්තා වුත් ආවරණය කරන ලද්දා වුත් වැගන් රථයක් හා සමාන වූ එය, මේ අවමඟුල සඳහා මුලින් ම වාගේ මෙහි පැමිණියක් වී ය. මේ පිළිබඳව කරන ලද විමසීමේ දී දැන ගන්නට ලැබුණේ, ඒ වැගන් රථයෙන් සේන්-මෙරාන් මාර්ක් විස් තුමාගේ මෘත දේහය ගෙනෙන ලද බවත් එක අවමඟුලකට සහභාගි වීම සඳහා එයත් සමග පැමිණි පිරිසට දැන් අවමඟුල් දෙකකට සහභාගි වන්නට සිදු වී තිබෙන බවත්ය. කෙසේ හෝ වේවා, පැමිණ සිටි ජන කාය අතිවිශාල වූ හ. XVIII වැනි ලුවී ගේත් X වැනි චාල්ස් ගේත් අත්‍යන්ත විශ්වාසී රාජ පාක්ෂිකයකු ව සිටි සේන්- මෙරාන් මාර්ක්ර්විස් තුමාට හිත මිතුරෝ මහත් රාශියක් සිටිය හ. මේ පිරිසට විපාර්ගේ මිතුරු පිරිස ද එක් වීමෙන් ඉතා දැවැන්ත මහා ජන සන්නිපාතයක් එ තැනට එක් රොක් වී සිටිනු දක්නට ලැබිණ.
-
(0)By : Alexandre Dumas
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6- Monte Cristo 6
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 810.00Current price is: Rs. 810.00.


