Anuhas Viduranga
- 2
-
(0)By : Anuhas Viduranga
අනුහස් අදහස් – Anuhas adahas
ඔයා ඔයාගේ දේ කරන්න. ඉස්කෝලේ හත වසරේදී තමයි මුලින්ම ආදරයක් ඇති වුණේ. ගෑණු ළමයෙක් ගැන. මෙලෝ දෙයක් නොතේරෙන පුංචි දරුවෝ එතකොට අපි. පුංචිම කාලේ ඉඳලා කාත් කවුරුවත් නැති, තනිවුණ ජීවිතයක් ගෙවන්න සිද්ධවුණු නිසාම පුන් පෝය දවසේ රෑට පායන පිරුණු හඳක් වගේ හැමදාකම උදේම එයාව දකින කොට හිතුණෙම එයා තමයි මගේ ලෝකේම කියලා. සුදුම සුදුයි. තොල් රෝස පාටයි. දිගම දිග කළු කොන්ඩෙට ආදරය කරපු තරම…… අපි නවය වසරට එනකොට එයාගේ ලස්සන වැඩි වෙන තරමටම එයාට තිබුණ ඉල්ලුමත් ඒ තරමටම වැඩිවුණා. දවසින් දවස අළුත් ආදර වන්තයින් එකතු වුණා. එයා නිසා මුලින්ම මට නැතිවුණේ බාලදක්ෂ කණ්ඩායමේ නායකත්වය. ඊට පස්සේ විනය පරීක්ෂණ වලට මුහුණ දෙන්න මං යන කොට එයා, එක එක දවසට එක එක කොලොත් එක්ක මාව නොදැක්ක ගානට, මාවත් පහුකරගෙන ගියා. එයා ආයිමත් මගේ ළඟට ආවේ එයාට මගෙන් මොනා හරි ඕන වුණු වෙලාවට විතරයි. එයා ටවුන් එකේ, මං ගමේ……. ඉස්කෝලේ ඇරුණම එයාගේ පස්සෙන් මගේ රංචුවත් එක්ක ටවුන් එකට යන එන එක පුරුද්දක් වුණා. එයා, එයාගේ දවසින් දවස අලුත් ත්වෙන පෙම්වතුන් එක්ක ඒ හැම දවසකම මට ඉදිරියෙන් ගියා. කිලෝමිටර් කීයක් නම් ඇවිදින්න ඇතිද, මේ කකුල් දෙකෙන් එයා වෙනුවෙන්.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 400.00Current price is: Rs. 400.00. -
(0)By : Anuhas Viduranga
ඒතං මංගල මුත්තමං – Ethan mangala muththaman
කවරක් වුවද මානවයාට සමහර ගති උරුමයෙන්ම ලැබුණ ඒවා කවර රටක ජීවත් වුව ද ජාති ආගම්, කුල හෝ සංස්කෘතීන් බව මගේ හැඟීමයි. කතන්දර ඇසීම සහ කතන්දර කීම ද එවැනි වූ ලොව පුරා මානවයා, මානව පැටවකුව සිටියදී සිටම ප්රිය කරන දෙයකි. ලොව කොයි දේ කෙසේ වෙතත් ජාතියක් ලෙස ශ්රී ලාංකිකයෝ සංස්කෘතියක් ලෙස ම පුංචි දා පටන් කතන්දර ඇසීමට සහ කතන්දර කීමට ප්රිය වෙති. මුතුබෙල්ලාගේ දුක්බර ජිවිත කතන්දරය, අප අතරින් සියයට අනුනවයක්ම අසන්නට ඇත්තේ තම තමන්ගේ ජීවිතවල පළමු දශකය තුළයි. මුතුබෙල්ලාගේ කටුව තුළට යන වැලි කැටයක් දිනෙක මිල අධිකම මුතු ඇටයක් බවට පත් වන තෙක් එම සත්ත්වයාගේ වේදනාවන් ගැන ශෝක වන අප මුතුබෙල්ලා විසින් වේදනා විද නිපදවන මුතු ඇට අප සන්තක කර ගැනීමට වෙර දරයි. එම මුතු බෙල්ලාගේ සෝබර ජීවිත කතන්දරයත් තවත් සිය ගණනක් කතන්දරත් රස විඳ ඇති අප, එම දුක්බර කතන්දර තුළ ඇති මහා බරසාර ජීවිත පාඩම් උගෙනීමට දැඩිව අපොහොසත් වී ඇත්තෙමු. මුතු බෙල්ලා යනු සොබා දහමේ අද්විතීය නිර්මාණයකි. සත්ත්වයාගේ වේදනාකාරි ජීවිතය තුළ නිපදවෙන මුතු ඇටය ද සොබා දහමේ ම අධි මිල නිෂ්පාදනයකි. මිනිසා ද සොබාදහමේ ම එතෙක් මෙතෙක් බිහි වූ අද්විතීය ම නිර්මාණය සේ සැලකෙයි. මුතු බෙල්ලාගේ ජීවිතය දෙස නිරීක්ෂණියව බලන් සිටීමෙන් රසවත් කතන්දරයක් නිර්මාණය කළේ. එය රස කරමින් කීවේ සහ කුතුහලයෙන් යුතුව අසා සිටියේ ද මිනිසා මය.
Rs. 650.00Original price was: Rs. 650.00.Rs. 520.00Current price is: Rs. 520.00.

