Arthur C Clarke
- 1
-
(0)By : Arthur C Clarke
ගැඹුරු මුහුද – Gamburu muhuda
තල් මසුන්’ මරා කන බියකරු සත්ත්වයෙක් මහ මුහුදේ නිදැල්ලේ ගැවසෙයි. මහ මුහුද ලෙයින් රත් පැහැ ගන්වා, රැල්ලත් සමඟ පෙරළෙමින් පා වෙන මිය ගිය විශාල තල්මසකු දකුණු ශාන්ති කර ගුවන් මුර සේවය’ විසින් දක්නා ලදි. තත්පර කීපයක් තුළ දී අනතුරු හඟවන ඉතා සංකීර්ණ වූ සංඥා පද්ධතිය ක්‍රියාත්මක කරන ලදින් සැන්ෆ්රැන්සිස්කෝ ” නුවර සිට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර දක්වා නිලධරයෝ මුහුදු සිතියම් මත ඉත්තන් තබමින් දුර දක්වන වෘත්ත අඳින්නට වූහ. බඹ විස්සක් ගැඹුරට බසින්නට වූ පස් වන මුර සබ්මැරීනයේ පාලන ඵලකය * උඩින් පහත් වූ දොන් බර්ලි තව මත් නිදිමතින් පිරි නෙත් පිසදමමින් පාලන ඵලකය දෙස බලා සිටියේ ය. මේ අනතුරු හැඟවීම තමා ගේ බල පෙදෙස තුළ සිදු වීම ගැන දොන් බර්ලි සතුටු විය. මාස ගණනකට පසු ලැබුණු පළමු වන නියම අනතුරු හැඟවීම මෙය විය. වෙනෙකක් තබා ඔහු ගේ ජීවිතය රැඳී පැවති මුර ස මෙරීනයේ උපකරණ දෙස බලා සිටින අතර ඔහු ගේ සිත අනාගතය දෙසට යොමු විය. කුමක් සිදු වන්නට ඇද්ද? ඔහුට ලැබුණු කෙටි පණිවුඩයෙන් වැඩි විස්තර දැන ගත නොහැකි විය. භීතියෙන් කලබල වී තව මත් උතුරු දෙස බලා දිවයන මහා තල්මසුන් අයිනක් ‘ පසු පස සැතපුම් දහසක් පමණ ඈතින් අලුත මරන ලද තල්මසකු දිය උඩ පාවෙන බව පමණක් පණිවුඩයෙහි සඳහන් විය.
Rs. 1,250.00Original price was: Rs. 1,250.00.Rs. 1,125.00Current price is: Rs. 1,125.00.
