Fredrick forsyth

Fredrick forsyth

  • 6
  • -10%
    (0)

    සිරකරුවා සහ ඔත්තුකරුවා

    ඒ තලිබාන් ආරක්ෂකයා එම ජංගම දුරකතන ඇමතුමෙන් තමන්ගේ මරණය සිදුවන බව දන්නේ නම් ඔහු කිසිසේත්ම එම ඇමතුම නොදෙනු ඇත. එහෙත් ඔහු ඒ බව නොදත් නිසා එසේ කළේය. එය එසේම සිදු විය. 2005 ජූලි 7 දා මරාගෙන මැරෙන බෝම්බකරුවෝ සිව් දෙනෙක් මධ්‍යම ලන්ඩනයේදී බෝම්බ පුපුරුවා ගත්හ. ඔවුහු අවට සිටි පනස් දෙනෙකු මරා දැමූ අතර තවත් හත් සියයකට පමණ තුවාල සිදු කළහ. ඒ අතර වූ සියයක් පමණ ජීවිත කාලයටම ආබාධිතයෝ වූහ. එම බෝම්බකරුවන්ගෙන් තිදෙනෙක් පකිස්ථානයේ සිට සංක්‍රමණය වූ දෙමාපියන්ට දාව බ්‍රිතාන්‍යයේ උපත ලද්දන් වූ අතර ජැමෙයිකාවේ උපත ලද ඉස්ලාම් දහම අදහන අනෙකා බ්‍රිතාන්‍යයේ පුරවැසි භාවය ලද්දෙක් විය. ඔහු සහ තවත් එක් බෝම්බකරුවෙකු වයස අවුරුදු විස්සකට අඩු යෞවනයෝ වූහ. තුන්වැන්නාට වයස අවුරුදු විසි දෙකක් ද නායකයාට වයස අවුරුදු තිහක් ද වූ බව සොයා ගැනිණ. මොවුන් සියලු දෙනාම බුද්ධි ශෝධනයකට භාජනය කොට සමාජය වෙනස් කළ යුතු යැයි ආවේගශීලී අදහස් කැවූ අය වූහ.

    Original price was: Rs. 680.00.Current price is: Rs. 612.00.
  • -10%
    (0)

    කිසිවක් ඉතිරි නැත

    මාක් සැන්ඩර්සන් කාන්තාවන්ට කැමතිය. එසේම ඔහු සලාද කොළ සමග තීරු කළ මාළු කෑමට ආසා කළේය. ඔහුට මඳ හෝ කුස ගින්නක් දැනුණ විගස ඔහු ආහාර සැපයුම්කරුට දුරකතනයෙන් අමකා ඒවා කම නිවසට ගෙන්වා ගත්තේය. ඩොලර් දෙකක් තරම් වටිනා දේ වුවද ඒවාට බ්‍රිතාන්‍ය පවුම් වලින් ගෙවා ගෙන්වා ගැනීමට තරම් ඔහුට හැකියාවක් තිබුණේ ඔහු කෝටිපතියකු වූ නිසාය. බොහෝ ධනවත් හා සාර්ථක මිනිසුන්ට මෙන්ම ඔහුට ද ජීවිත තුනක් විය. ලන්ඩනයේ ධනවතකු ලෙස ගත කරන ප්‍රසිද්ධ හා වෘත්තීය ජීවිතය ද, ඇතැම් අය අතර තරමක් ප්‍රසිද්ධ වූ හෝ එසේ නොවූ ඔහුගේ පෞද්ගලික ජිවිතය සහ ඔහුගේ රහස් ජිවිතයද ලෙසිනි. පළමුවැන්න ප්‍රධාන පුවත්පත් හා රූපවාහිනී නාලිකා වල මූල්‍ය තොරතුරු අතර නිතර කියවෙන ඔහුගේ වෘත්තීය ජීවිතයයි. හැටේ දශකයේ මැද භාගයේ ඔහු බටහිර ලන්ඩනයේදී මඳ දැනුමක් ඇතිව දේපළ වෙළඳාම අරඹා ශූර බුද්ධිය මෙහෙයවා එය සාර්ථක කර ගත්තේය. වසර දෙකක් තුළ ඔහු එම ව්‍යාපාරයේ සියලුම නීති රීති ඉගෙන ගෙන ඒවා බිඳගෙන යා හැකි මාර්ග සොයා ගත්තේය.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.
  • -10%
    (0)

    සංසන්ධිකයා

    එම වාර්තාව ඔහු විසින්ම උපස් වීම් දී ඉහළ තත්වයට ගෙනෙන ලද ඔහුගේ රැකවරණය මත සිටින ඉතා කවිපර තරුණ මේජර් ජනරාල්වරයෙකුගෙන් ලැබුණකි. එම නිලධාරියා ඔහු විසින් කාබුල් සිට කැඳවාගෙන එන ලදී. කැමින්ස්හි වූ කලී උගත් තැනැත්තෙහි ගැඹුරට කල්පනා කිරීමේ දක්ෂතා ඇති අයෙකි. එමෙන්ම සංවිධාන කටයුතු සඳහා අති දක්ෂයෙකි. මාෂල්වරයා විසින් මහුට හමුදා මෙහෙයුම් සඳහා ඇවැසි සියලු කටයුතු සම්පාදනය හා කාර්ය සංවිධාන අංශයේ දෙවැනි ඉහළම ස්ථානය දුන්නේය. බොහෝ යුද්ධ ජ්‍යග්‍රහණය කරන්නේ හුදෙක්, ධෛර්යය, කැපකිරීම හෝ අතිදක්ෂ ජනරාල්වරුන් නිසා පමණක් නොව. නියම ස්ථානයේ, නියම වේලාවට, නියම අවි ආයුධ උපයෝගී කර ගනිමින් කරන සටනින් බව, සටන් බිමේ බොහෝ පලපුරුදුකම් ඇති අති දක්ෂ, පරිණත යුද සෙබලෙකු වූ කොස් ලොව් දැන සිටියේය. ටාලින් විසින් මාතෘ භූමිය සතුරන්ගෙන් බේරා ගැනීමට, පැරණි ආයුධ වලින් සන්නද්ධව 1938 දි කරන ලද උත්සාහයේදී, ඉතා නවීන ආයුධ වලින් මනා සේ ආයුධ සන්නද්ධව සිටි ජර්මානු හමුදාවේ යුද ටැංකි, රතු හමුදාව සුනු විසුණු කරමින් ඉදිරියට පැමිණි අයුරු, එවකට දහ අට හැවිරිදි හමුදා භටයෙකුව සිටි ඔහු විසින් ලබන ලද අත් දැකීම ඔහුට තවමත් මතක ඇත.

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,575.00.
  • -10%
    (0)

    වෘකයාගේ දවස

    තම ජීවිතයේ අවසන් වරට සුයා ලෝකය දෙනෙතින් වසන් කරමින් දෙනෙක් වටා රෙදි කඩ බැඳී යත් දී ලුතිනන් කර්නල් ජින් මාරි බැස්ටියන් තෙයිරි ගේ පාද බොරළු මත ඇතිල්ලුණේ තම ආතතිය මඳක් පාලනය කර ගැනීමට මෙනි. සොල්දාදුවන් විසි දෙනෙකු ගේ රයිෆල් වල බෝල්ට් නිසි ස්ථානයට ගෙන ඒමේ දී නැඟුණු හඬින් පූජකවරයාගේ මුණු මුණුව බොඳ වී ගියේය. සොල්දාදුවන් විසි දෙනා තම කෙටි අත් තුවක්කුවල කොකුන් නිසි තැනට ගෙන ගිනි බිඳීමට සූදානම් වූහ. කොටු පවුරින් පිටත ට්‍රක් රථයක් තදින් තම නළාව හඬවනු ඇසිණ. ඒ කණ්ඩායමේ අණදෙන නිලධාරිගේ ඉලක්කය ගනු. යන අණ කිරීමේ හඬින් ඒ නළාවේ ශබ්දය මැකී ගියේ ය. ගිනි අවි විස්ස එකවර නිකුත් කළ වෙඩි හඬින් ගස්වල වසා සිටි පරෙවි රෑන අහසට ඉගිලී ගියා විනා නගරයේ නිවෙස්වල නිදා අය ගේ නින්දට බාධාවක් නොවීය. ඒ සමඟම ඒ වෙඩි හඬ ද පවුරින් පිට ඇසෙන්නට වූ වාහන හඬින් මැකී ගියේය.

    Original price was: Rs. 1,450.00.Current price is: Rs. 1,305.00.
  • -10%
    (0)

    යුද බල්ලෝ

    ගුවන් නියමුවා කැප් තොප්පියක් පැළඳ සිටියේ නැත. ඒ නිසා ආචාර කිරීමක් හැටියට ඔහු හිස මඳක් ඉදිරියට නැමුවේ ය. මේ දෙය මින් පෙර කළු ජාතිකයකුට ඔහු කිසි දිනෙක කර තිබුණේ නැත. ඒ අවස්ථාවේ ද එසේ කළේ මන්ද යත් ඔහුට ම තේරුම් ගැනීමට අපහසු විය. මා ගේ නම කපිතාන් වැන් ක්ලිෆ්.’ යි ඉංගිරිසි බසින් කීවේ ය. එහෙත් එම උච්ඡාරණයේ අමෙරිකන් උරුවක් තිබිණ. අප්‍රිකන් ජාතිකයා හිස සෙලැවීමෙන් ඔහු කී දේ අනුමත කළේය. ඔහු ගේ බූසියක් වන් යටි රැවුල ඔහු ගේ කැලෑ නිල ඇඳුමේ ස්පර්ශ විය. ” මේක ගුවන් යානයක් පදවන්නට බොහොම දුෂ්කර රාත්‍රියක් කපිතාන් වෑන් ක්ලීෆ්” ඔහු කීවේ ය. ” ඒ වගේ ම අපිට බඩුත් ලැබීම ප්‍රමාද වෙලා.” ඔහු ගේ කට හඬ ගැඹුරු විය. උච්ඡාරණය එංගලන්ත ප්‍රසිද්ධ පාසල් වල සිසුන් ගේ උච්ඡාරණය මෙන් විය. සත්තකින් ම ඔහු එංගලන්තයේ අධ්‍යාපනය ලැබුවෙකු විය. අඳුරේ දුෂ්කර ගමනේ යෙදෙද් දී ද ඔහු තමා ගෙන්ම බොහෝ විට අසා ගත් ප්‍රශ්නය වූයේ මෙවන් දුෂ්කර ගමනක තමා මෙහෙය වීමේ හේතුව කුමක් ද යන්නයි. ” මම කිසි ම බඩුවක් ගෙනාවේ නැහැ සර්. ගේන්ඩ තව ඉතිරි වී කිසිවක් තිබුණේ නැහැ. තවත් වරක් වචනය ලිස්සා ගියේ ය. ඒ පුරුද්ද නිසාය. එහෙත් මින් පසු තමන් මේ මිනිසාට වෙසෙසින් ම මේ කාපිරියාට “සර්” නොකීමට ඔහු තීරණය කළේය. ලිබ්‍රෙවිල් හි ඔහුට අවන්හලේ දී හමු වූ, කුලියට මිනීමරන සෙසු අයට වඩා මොහු වෙනස් විය. ” එහෙනම් ඇයි තමුසේ ආවේ?” යි ජනරාල්වරයා මෘදු ස්වරයෙන් ඇසුවේ ය.” සමහර විට ළමුන් රැගෙන යන්න වෙන්න ඇති. කන්‍යා සොහොයුරියනුත් ඉන්නවා

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -10%
    (0)

    නාග මෙහෙයුම

    යෞවනයෙක් මිය යමින් සිටියේය. එය කිසිවකුත් නොදත් අතර ඒ ගැන සැලකිලිමත් වූයේ එක් අයෙකු පමණකි. අත්හැර දමන ලද ගොඩනැගිල්ලක වූ අපිරිසිදු කාමරයක එක් කොණක මත් ද්‍රව්‍ය වලින් විනාශ කරන ලද ඔහුගේ ඇට සැකිල්ලක් බඳු වූ සිරුර වැතිර තිබුණේය. මේ මුඩුක්කුව වොෂින්ටනයේ කොටසක් වුවද කිසිදු සංචාරකයකු නොයන සියල්ලන් විසින් නොසලකා හැර තිබූ ඇන කොස්ටියා නම් ප්‍රාන්තයේ ව්‍යාපෘතිය නමින් හැඳින් වූ අසාර්ථක වූ නිවාස යෝජනා ක්‍රමයක පිහිටියේය. තම මරණය එක්තරා සංග්‍රාමයක ආරම්භයක් බව යෞවනයා නොදත්තේය. නැතහොත් ඒ ගැන ඔහුට සිතීමට අවශ්‍ය නොවූ සේය. මත් ද්‍රව්‍ය ලාබාල මනසකට කරන්නේ එයයි. ඒවා මනස විනාශ කරයි. ජනාධිපතිවරයාගේ ආගන්තුක සත්කාර වල තරා තිරම අනුව ගිම්හාන කාලයේ අවසාන භාගයේ පැවැත් වූ මෙය ධවල මන්දිරයේ කුඩා රාත්‍රී භෝජන සංග්‍රහයක් විය. ජෝඩු දහයකට අයත් වූ විසි දෙනෙකු රාත්‍රී භෝජනයට සහභාගි වූ අතර එයින් දහ අට දෙනෙක් තමන් මෙහි කැඳවීම පිළිබඳව උද්දාමයට පත්ව සිටියෝය. මෙයින් නව දෙනෙකුම කිසියම් හමුදාවක නිල ඇඳුම් දරමින් විදේශ යුද්ධ වලදී ස්වේච්ජාවෙන් එම කටයුතුවල යෙදුනු අය වුහ.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,170.00.