Maya Ranjan

Maya Ranjan

  • 4
  • -10%
    (0)

    අපේ රාජ්‍යය [මායාරංජන්] Ape rajjaya

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.

    සිතන්නට හැකි අප සැම දෙනාට ම රාජ්‍යයක් තිබේ. ඒ. අපේ රාජ්‍යයයි. එය අපේ සිහින නැතිනම් සිතුවිලි සමඟ බද්ධ වූවකි. “අපේ රාජ්‍යයේ පාලකයන්, පලිතයන් ද අපි මැ වෙමු. එනිසා කාටවත් අපේ රාජ්‍යයට හිමිකම් කීමට නොහැකි ය. යටත් කර ගැනීමට හෝ කොල්ලකෑමට නොහැකි ය. සැබැවින්ම අපේ රාජ්‍යය වූ කලී අපට ම අනන්‍ය වන ස්වාධීන සිහිනයකි.  මායාරංජන් ලේඛකයා මේ සිහිනය අප මෙන් දුටුවෙකි. එහෙත් ඔහුගේ රාජ්‍යයේ දිග පළල මතු නොව හිමිකම පාඨක ලෝකයට නිර්ලෝභීව දායාද කළේය. ඒ. අපේ රාජ්‍යය’ කෘතිය මඟිනි. වසර මිලියන ගණනක සිට අපි වන පෙත් අතර දිවි ගෙවමු. ගහකොළ සතා සිව්පාවා මෙන්ම දියකඳුරු යනු අපගේ ලේ නහර මෙන් බැඳුණු ජීවයකි. නූතනයේ නාගරික හෝ අර්ධ නාගරිකව දිවි ගෙවමු. එහෙත් වසර මිලියන ගණනක සිට අප රැස් කළ වනපෙත ආශ්‍රිත දිවිතතු මතක පොසිල ලෙස රැඳී තිබෙන වග ද අපි දනිමු. එහෙයින් මායාරංජන් පාඨක අපට අපේ රාජ්‍යයට අඬ ගසන විට කෙසේවත් මඟහැර යා නොහැකි ය. අප සියලු බැඳීම් අත්හැර මතක පොසිල ඔස්සේ අතීත වන පෙතට ඇදී යන්නේ නිරායාසයෙනි. දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් කුල්මත් කළ සිතැතිව ඒ මතක මංපෙත් දිගේ වනපෙත පීරා එහි සැරි සැරීමට ද ගඩාගෙඩි කමින් සතුන් අතර නිදහස් – නිවහල් මිනිසකු ලෙස සැරි සැරීමට මහසේ ආශා කරමු. මායාරංජන් වනපෙත ඔසුවක් කොට අප සිතට පොවන්නේ අනේකවිධ අතවරයන් නිසා රෝගී වූ පාඨක සමාජයට ඇති ඇල්මෙනි. එහෙයින් පාඨකයින් වන අපට දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් අපේ රාජ්‍යය’ නම් වනදිවි සැරියේ නිබඳව සැරිසැරීමේ භාග්‍ය අත්පත් කර ගත හැකිය. මේ ඒ වෑයමේ නවමු මුහුණුවරයි.

  • -10%
    (0)

    දිගාමඩුල්ලේ ආශ්චර්ය [මායාරංජන්] – Dhigamadulle achchrya

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.

    සිරිමල් සහ මම, මඩකලපුවෙන් උදේ නවයට පිටත් වූ තැපැල් බස් රියේ නැඟුණෙමු. එය අප ද ගෙන මුහුදු වෙරළ ඔස්සේ දකුණු දිගට විහිදුණු මාවතේ ගමන් ගත්තේ ය. මුල් මයිල පසළොස තුළ දැත්ත හැකි මහත් ආශ්චර්යයෙක් නැති. තැනෙන මිටි පඳුරින් වැසුණු නිසරු වැලි බිම් ය. අතරතුර සරු පොල් වතු සහ කජු ඉඩම්ය. මානෙන් මාන, දෙමළ – මරක්කල සිරිත අනුව කටු පැළැලි. අතු පැළැලි ආදියෙන් ඇවුරුණු ගෙ මිදුලේ ඇති ගම් පිහිටියේ ය. පසළොස් වැනි මසිලංකණුව ‘කලුවංචිකුඩි’ නම් ගමැ විය. එතැන් සිට බසයේ සිටියකුට වම් පසින්, තැනින් තැන මුහුදත්. අතර තුර මඩකලපුවේ සිට කල්මුනේ අසලටම විහිදෙන කලපුවේ කොටසුත් පෙනේ. එහෙත් දකුණතින් පෙනෙනුයේ ගාස්තුවක් ගෙවා බලන්නට වටින දැකුමෙකි. එය නම් ගොවි – ඇසට මිහිරක් වන මනහර වෙල් එළියෙකි. මාවතේ කාණුවෙන් පටන් – ගන්නා කුඹුරුයාය ඇත – ඉතා ඇත. ඌවේ කඳුකරය පශ්චාද් භාග කොට – ගත් අඳුරු වන තිරය තෙක් ම එක එල්ලේ විහිද ගිය මනහර සමතලයෙකි. මඩකලපුවෙන් මයිල හැටහයක් දුර පිහිටි පොතුවිල තෙක් පමණක් මා දැක ඇති නමුත්, තොරතුරු අනුව දකුණු දිග වෙරළ දක්වාම ආදියෙහි පැතිර පැවැතියෙකි. එහෙයින් මෙය ම පැරැණි දිගාමඬුලු ජනපදයෙහි කීර්තියට දෙස් නොවේද? එපමණක් නොව මේ සිත්කලු දර්ශනය අවුරුද්දේ ඍතුවෙන් ඍතුව ඒ වෙස් ගෙන බැබැළෙන ඉඩමෙකි. වැසි කලට නිබඳ දියෙන් පිරි – ගත් කල කලපුවෙක සිරි ගන්නේය. ඊසාන මෝසම් වැස්ස අඩු වෙද්දී, පලාවන් ගොයමින් වැසී, හරිත වර්ණ සමුද්‍රයෙක ශෝභාව පාන්නේ ය. ගොයම වැඩෙද්දී දෙමළ – මරක්කල ගොවීන් ගේ පැල් පැන – නැගෙයි

  • -10%
    (0)

    පිටිසර මිනිස්සු [මායාරංජන්] Pitisara minissu

    Original price was: Rs. 250.00.Current price is: Rs. 225.00.

    පිටිසරට පරිසරය වනය යි. ඒ නිසා පිටිසර පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට නම් වනය ගැන ද කරුණු දත යුතුමයි. වන වැණුම් වනය කෙරේ මා සිත තුළ පවතින ඇල්ම ඉමහති. ඊට හේතු කවරේ දැයි එක එල්ලේ කියන්නට මම හෝ නොදනිමි. කුමක් නිසා හෝ වේවා වනගත පරිසරයෙන් වෙන් වූ කල මගේ ජීවිතය සුපුරුදු පෙම්වතියක ගේ ඇසුරෙන් වියෝ වූ තරුණයෙකු ගේ හදවතක් මෙන් නිරස වන බව පමණක් දනිමි. වනාන්තරයෙක ස්වාභාවික ශෝභමාන දර්ශනය ඉදිරියේ නගරය මට මිරිඟුවෙකි! වනය නිදහස් පාරාදීසයක් නම් නගරය මා වදයට පමුණුවන සිර ගෙයකි ! වනයෙන් නිරතුරුව නික්මෙන රැහැයියා ගේ වනේ පතුරක් පිරි ගාන්නාක් වැනි ගොරහැඬි ගෝසාව පවා පරදවන මිහිරෙකි. ඇසුරට වන බිමක් නැති කල මට නම් සුර ලොව වුව ද නිරයක් වැනි වනු නියතයි. වනය නොයෙක් ගුණයෙන් අනූනයි. එය නිශ්චලයි ! නිශ්ශබ්දයි! ශාන්තයි! ඉපැරණි සාහිත කෘතියක් සේ ගාම්භීරයි ! වනය නිශ්චල යයි කීවද එහි චලනයක් නැතුවා නොවෙයි.තුරුලිය ඇසුරෙහි ද බිම මතුපිට සහ ඇතුළත ද ගස් බෙන ගල් ගුහා ආදියෙහි ද වෙසෙන සත්ත්ව සමූහය දවසේ සැම පැයක් තුළ එහි කෙරෙන පෙරැළි කොපමණ ද? එසේ වුවත්, වනය සතු ස්වාභාවික නිශ්චලත්වය. ඒ සියල්ල මර්දනය කරමින් පැතිර සිටියි! වනයේ නිශ්ශබ්දතාවය ද එබඳු මය. දහස් සුවහස් ගණනින් සෑදුණු සත් කැළ පමණක් නොව වැසි, සුළං ළැව් ගිනි ආදිය නිසා එහි පැන නැගෙන ගෝට්ටිය කෙතරම් මහත් වුව ද වනයට උරුම නිශ්ශබ්දය ම එහි රජකම් කරයි. වනයේ ශාන්තිය ද එබඳුම ව්‍යාජයෙකි. මුව පැටවුන් ලේ පෙරා බුදින කොටියන් ද සැඟවී සිට මිනිසුනට පවා පහර දෙන වලසුන් ද නොමඳව ගැවසෙන කුඩා එකා මහ 9

  • -10%
    (0)

    මගේ රාජ්‍යය [ මායාරංජන්] Mage rajjaya

    Original price was: Rs. 450.00.Current price is: Rs. 405.00.

    ලංකාවේ නැගෙනහිර දිග බෑවුමේ මැද හරියේ – එනම්, නැගෙනහිරි පළාතේ බටහිර කෙළවරැ ඌව සීමා සන්නයේ පිහිටි එක්තරා පෙදෙසක් මගේ රාජ්‍යය පිළිබඳ මේ කතාවට පසුබිම් වන්නේ ය. ඈත අතීතයේ දිගාමඩුල්ල නමින් හැඳින්වුණු මේ භූමිය වර්තමානයේ ගල්ඔය’ ජනපද නමින් ප්‍රසිද්ධය. එහෙත් මින් දස වසරකට පමණ පෙර මා යන කාලයේ, එය සියවස් තුන හතරකටත් වැඩි කලක් තිස්සේ වැඩුණු ගන වනයෙකින් වැසී තිබිණි. අලි කොටි වලස් ආදී සියලු වනසත්තු එහි නො මඳ ව ගැවසුණාහ. මිනිස් සතුරා ගෙන් නිතර කරදරයක් නැති අලි රංචු. තමන් ම තනාගත් මහා මං ඔස්සේ ජලාශයන් සහ තලාවන් අතර ඔබ මොබ යමින් එමින් සිත් සේ විසූහ. කොටියා දිය මංකඩවල රැක සිටිමින් ගෝන මුව පැටවකු හෝ සාවකු වඳුරකු හෝ මරා කමින් ද, කලාතුරකින් අසල් ගමෙක හරක් පට්ටියකට කිට්ටු කොට වසු පැටවකු ඩැහැගනිමින් ද කල්ගෙවී ය. වලස් යුගලයෝ වේ තුඹස් මීබෙන උරමින් සැම තැනෙක සැරිසැරුවෝ ඇතැම් විට මිනිසුනට ද පහර දුන්හ. කුළුහරක් රංචු ගැසී බැදි මැද තලාවල වල්කමින් සිට දඩයමේ යන මිනිසුන් දුටු විට දඩි බිඩි හඬින් අංතට්ටු එකට පහමින්, හිස් ඔසොවා මොහොතක් බලා හිඳ, හදිසියේ ඉගිලි පා හඬින් වනය දෝංකාර නංවමින් පලා ගියහ. ගෝන්නු, මුවෝ සහ වල්ඌරෝ ද ගැමියන්ගේ හේන්වලට වැද බෝග හොරා කමින් ඊට දඬුවමට ගැමියන් විසින් මරා කනු ලැබූ හ. තවත් අතෙකින් කොටි රාළහාමිට ගොදුරු වූහ. හාවෝ ඉත්තෑවෝ, මිමින්නෝ, තලගොයි, කබරගොයි, ලේන්නු, මීයෝ ඒ අතර සැරිසැරූ හ. සර්පයෝ සහ පක්ෂීහු ද මැසි මදුරු, කඩි කුහුඹු ආදීහු ද වනයේ සියලු කොටස් අඩුවක් නැතිව පිරැවූහ. ‘ ගල්මය’ යි කියතත් පළාතේ ව්‍යවහාරය අනුව ගලඔය විය යුතු ය. මෑත අතීතයේ පටිපල් ආරු නමින් ද හැඳින් විණි.