Norman Vincent Peale
- 1
-
(0)By : Norman Vincent Peale
අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයි – The Power of Positive Thinking
දිළිඳුකම නිසා ජීවිතය සාර්ථක කර ගැනීමට දියුණු වීමට නොහැකි බවට බොහෝ අය මැසිවිලි නගති. ඉගෙනීමට දක්ෂ ළමයෙකු දිළිඳුකම නිසා ඉගෙනීම කඩාකප්පල් වීම ගැන දුක්වනු විය හැක. ව්‍යාපාරයක් පටන් ගැනීමට ධනය නැති පුද්ගලයෙකු එය ආරම්භ කිරීමට මුදල් නොමැතිකමින් දුක් වෙනවා වන්නට පුළුවන. නමුත් ඇත්තෙන්ම දිළිඳුකම දියුණුවට බාධාවක්ද? ලෝක ජයගත්, ජන නායකයන්ගෙන්, විද්‍යාඥයින්ගෙන්, නව කථා කරුවන්ගෙන් උගතුන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් බොහෝ දෙනෙක් රිදී හැන්දක් කටේ ඇතිව වත් පොහොසත් පවුල්වල ඉපැදුන අයවත් නොවේ. දුගී පවු වල ඉපිද තම අප්‍රතිහ ධෛර්ය සහ නොපසුබට උත්සාහය නිසා ඔවුන් ජයගෙන ඇත. රේඩියම් සොයාගත් මාරි කියුරි ඉතාමත් දුප්පත් පවුලක තැනැත්තියකි. ඇය විදුහලේ ඉගෙනුම ලබන අතර සාගින්න නිසා කිහිප වරක්ම සිහි සුන්ව වැටී ඇත. මුදල් නොමැතිකම නිසා ඇය භෞතික විද්‍යාව හැදෑරීමට සෝබෝන් විශ්ව විද්‍යාලයට පවා පැමිණියේ පාවහන් නොමැතිවය. නමුත් ඕ තම දිළිඳුකම තම ජිවිතයේ දියුණුවට බාධාවක් නොකරගෙන ජය කණුව කරා ගියාය. පොප් සංගීතයේ රජා යන විරුදාවලිය ලැබූ, තරුණියන්ගේ සිහින ලොවේ මල්සරා වූ එල්විස් ප්‍රෙස්ලි ඉපැදුනේ අන්ත දුගී පවුලකය.
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00.
