Rick Rioden

Rick Rioden

  • 5
  • -10%
    (0)

    පර්සි ජැක්සන් සහ උපදෙවි ලිපිගොනු – Percy jackson saha upadevi lipigonu

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.

    එක මකරෙකුට ඔයාගේ මුළු දවසම කාබාසිනියා කරන්න මං කියනවට විශ්වාස කරන්න, උප දෙවියෙක් විදිහට මට නරක අත්දැකීම් ගොඩක් ලැබිලා තියෙනවා. මාව හපාකාලා තියෙනවා. හූරලා තියෙනවා. පිච්චිලා වගේම විෂ කැවිලත් තියෙනවා. මම තනි- මළුවේ මකරු, ඔළු – දෙකේ එවුන්. ඔළු – අටේ එවුන්. ඔළු නමයේ එවුන් වගේම. ඔළු ගාන ගණන් කර කර හිටියොත් මැරුම් කන්න වෙන නිසා ගණන් කර ගන්න බැරි තරම් ඔළු ගොඩක් තිබුණු මකරු සමගත් මම සටන් කරලා තිබුණා. ඒත් ලෝකඩ මකරෙක් එක්ක? මං හිතුවෙම මාවයි මාගේ යාළුවන්වයි චූටි කෑලි ගොඩක් වෙලා නතර වෙයි කියලයි. *** ඒ සැඳෑ වරුවත් පටන් ගත්තේ සාමාන්‍ය විදියටමයි. ඒ ජුනි මාසයේ අග බාගයයි. මම මෑතකදී ම ගිය ගවේෂණයෙන් ආපසු ඇවිත් සති දෙකක් විතර ගත වී තිබුණා. දන් අර්ධ- ලෝහිත කඳවුරේ ජීවිතය නැවතත් යථා තත්ත්වයට හැරෙමින් තිබුණා. සැටර්ලා රුක් දෙවඟනන් පස්සේ පැන්නුවා. වනාන්තරයේ රාක්ෂයෝ උඩු බිරුවා. කඳවුරුකරුවෝ එකිනෙකාට

  • -10%
    (0)

    පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය -Percy jackson saha titange shapaya සවින්දි ආරියතිලක

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.

    ශීත ඍතුවේ නිවාඩුවට කලින් සිකුරාදා. රැයක් ගත කරන්න උවමනා දේවල් සහ මාරාන්තික ආයුධ ගමන් මල්ලකට ඇහිරූ මගේ අම්මා මාව අලුත් බෝඩිම් ඉස්කෝලෙකට රැගෙන ගියා. යන අතරමග දී අපි ඇනබෙත්ව සහ තාලියාව වාහනයට නංවා ගත්තා. නිව්යෝක්වල සිට මයින්වල බාර් හාබර් දක්වා යාමට පැය අටක් ගත වුණා. හිම වැස්සක් අධිවේගී පාරට පහර දෙමින් තිබුණා. ඇනබෙත්. තාලියා සහ මම මාස ගාණකින් මුණ ගැසී තිබුණේ නැහැ. ඒත් මේ හිම කුණාටුව සහ අපි කරන්න සූදානමින් සිටි දේ ගැන සිතුවිල්ල නිසා වැඩිදුර කතා කරන්න බැරි තරමට අපි කලබල වෙලයි හිටියේ. හැබැයි ඒ මගේ අම්මා ඇරෙන්න. කලබල වුණ වෙලාවට එයා වැඩිපුර කරන්නේ තොරතාංචියක් නැතිව කියවන එක. අන්තිමේ දී අපි වෙස්ටෝවර් හෝල් වෙත ළඟා වෙනකොට කළුවර වැටෙමින් තිබුණා, ඒ වගේම මම පුංචි කාලේ කරපු හැම ලැජ්ජා හිතෙන වැඩක් ගැනම එයා තාලියාටයි ඇනබෙත්ටයි කියලා තිබුණා. කාරයේ ජනෙල් වීදුරුව මත බැඳුණු මීදුම පිස දමු තාලියා පිටතට එබිකම් කළා. ඔහු, නියමයි. මේක නම් ජොලි වැඩක් වෙයි.

  • -10%
    (0)

    පර්සි ජැක්සන් සහ වංගගිරියේ සටන – Percy jackson saha wangagiriye satana

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.

    මේ හිම්හාන නිවාඩු කාලේ මීට කරන්න උවමනා වුණු අන්තිම දේ වුණේ තවත් ඉස්කෝලයක් පුපුරුවා දමන එකයි. ඒ කොහොම වුණත් ජුනි මාසේ පළවෙනි සතියේ. සඳුදා උදේ, මම අම්මාගේ කාරයේ වාඩි වී සිටියේ නැගෙනහිර 81 වෙනි වීදියේ පිහිටි ගුඩු උසස් පාසල ඉදිරිපිටයි. ඒක නැගෙන හිර ගඟට ඉහළින් සෑදු දුඹුරු පාට ලොකු ගොඩනැගිල්ලක්. එය ඉදිරිපිට බී.එම්.ඩබ්ලිව්. සහ ලින්කන් ටවුන් කාර් පොකුරක් ගාල් කර තිබුණා. එහි අරුමෝසම් ගල් ආරුක්කුව දිහා බලාගෙන මම කල්පනා කළේ මෙතැනින් මාව දොට්ට දාන්න කොයි තරම් වෙලාවක් යාවිද කියලයි. සැහැල්ලු වෙන්න. මගේ අම්මගේ හඬෙ නම් සැහැල්ලු ගතියක් ගෑවිලාවත් තිබුනේ නැහැ. මේක ඉස්කෝලෙ කොහොමද කියලා බලන්න යන ගමනක් විතරයි නේ. හැබැයි මතක තියාගන්න. වස්තු වේ. මේක පෝල්ගේ ඉස්කෝලේ. ඒ නිසා ඒක .. ඔයා දන්නවා නේ? විනාශ කරන්නැතුව ඉන්න බලන්න? *

  • -10%
    (0)

    පර්සි ජැක්සන් සහ අකුණූ හොරා – Percy jackson saha akunu hora

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.

    මෙහෙමයි. මට උප දෙවියෙක් වෙන්න කොහෙත්ම උවමනා වුණේ නෑ. ඔයා මේක කියවන්නේ ඔයත් එහෙම කෙනෙක් කියලා හිතන නිසා නම්, මගේ උපදේශය තමයි. දැන්මම මේ පොත පැත්තකින් තියන්න. ඔයාගේ අම්මා හරි තාත්තා හරි ඔයාගේ උපත ගැන කියන ඕනෑම බොරුවක් විශ්වාස කරගෙන සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. උප දෙවියෙක් වීම හරිම අන්තරාදායක, භය උපදවන දෙයක්. හුඟක් වෙලාවට ඒක ඔයාව වේදනාකාරි සහ නිර්දය විදිහට මරණයට පත් කරවාවී. ඔයා සාමාන්‍ය ළමයෙක් නම්, මේ පොත ප්‍රබන්ධයක් කියලා හිතන නිසා කියවනවා නම්, හොඳයි. දිගටම කියවන්න. මේ දේවල් කවදාවත් සිද්ධ නොවූවා කියලා විශ්වාස කරන්න ඔයාලට පුළුවන් වීම ගැන මට ඉරිසියයි. ඒත් ඔයා මේ පිටු අතර ඔයාවම දකිනවා නම්, එහෙමත් නැත්නම් ඔයා තුළ යමක් කැලතෙනවා වගේ හැඟීමක් දැනෙනවා

  • -10%
    (0)

    පර්සි ජැක්සන් සහ අවසන් ඔලිම්පියනුවා – Percy jackson saha awasan olympianuwa

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.

    පුපුරන ද්‍රව්‍ය සමඟ ගිය නැවේ සවාරිය ලෝක විනාශය පටන් ගත්තේ පෙගසස් කෙනෙක් මගේ කාරයේ වහලය මතට ගොඩ බැවට පස්සෙයි. ඒ වෙන කල්ම මම හිටියේ වැදගත් හවස් වරුවක් ගත කරමිනුයි. අවුරුදු දහසය ලබන්න තවත් සතියක කාලයක් තිබුණු නිසා මට නීත්‍යානුකූලව වාහන පදවන්න අවසර තිබුණේ නැහැ. ඒත් මගේ අම්මා සහ බාප්පා, පෝල්, මාවයි මගේ යාළුවා රේවල්වයි දකුණු වෙරළේ තිබුණු පෞද්ගලික වෙරළ තීරයකට කැඳවාගෙන ගියාට පස්සේ පෝල් මට එයාගේ ප්‍රියස් කාරය කෙටි දුරක් පදවාගෙන යන්න ඉඩ දුන්නා. දැන්, ඔයා හිතන්නේ මොනවද කියලා මම දන්නවා. අයියෝ. එයා නම් කිසිම වගකීමක් නැති මනුස්සයෙක් නේ, බලාහ්, ලාහ්. බ්ලාහ්. ඒ වුණාට පෝල් මං ගැන සැහෙන හොඳින් දන්නවා. මම රාක්ෂයින්ව පෙති ගහන හැටි සහ පුපුරා යන පාසල් ගොඩනැගිලි වලින් එළියට පනින හැටි පවා එයා දැකලා තියෙනවා. ඉතින් මම ජීවිතේට කරලා තියෙන අනතුරුදායක ම වැඩේ කාරයක් යාර දෙතුන් සීයක් පදවාගෙන යන එක නෙවෙයි කියලා එයා තේරුම් අරන් ඉන්න ඇති. කොහොම හරි, රේචල් සහ මම ඉදිරියට පදවාගෙන යමින් සිටියා. එදා අගෝස්තු මාසයේ උණුසුම් දවසක්. රේචල් එයාගේ රතු කොණ්ඩය පිටුපසට කර පෝනි ටේලයකට ගැට ගසාගෙන,