Robin Sharma
- 4
-
(0)By : Robin Sharma
සාර්ථකත්වයේ රහස – Sarthakathwaye rahasa
Rs. 800.00Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.මා කුඩා කාලයේ දී එක් දිනක් මගේ පියා සංස්කෘතික ශ්ලෝකයක් පරිවර්තනය කරමින් කිසි දිනක මට අමතක නොවන යමක් පැවසීය. පුතා ඔබ උපන් වෙලාවේ අනික් කවුරුත් සතුටු වෙද්දී ඔබ විතරක් ඇඩුවා. යම් දිනක මෙලොව හැරයන විට සෙසු අය හඬා වැටෙන තත්ත්වයකට ඔබ ඔබේ ජීවිතය සකස් කරගැනීම අවශ්‍යයි.’ ජීවිතය යනු කුමක්දැයි යන්න අපට අමතක වූ කාලයක අපි ජිවත්වෙමු. කිසිදු කරදරයක් නැතිව මිනිසෙකු හඳට යැවිය හැකි නමුත් අලුතින් පැමිණි අසල් වැසියෙකු හමුවීමට ඉදිරිපිට ඇති විදිය හරහා කරදරයකින් තොරව පා ගමනින් යාමට අපට නොහැකිව ඇත. අපට එකිනෙකා සමග සහ සම්බන්ධ වීමට අවශ්‍ය තාක්ෂණය අප සතුව ඇතත්, වර්තමානයේ තරම් අප එකිනෙකාගෙන් දුරස්ථව සිටි කාලයක් මානව සංහතිය තුළ තිබී නැත. කවර කාලයකටත් වඩා අප කරුණු කාරණා දැන සිටියත් මනුෂ්‍යයෙකුට සැබවින්ම වැදගත් වන්නේ කුමක් ද යන්න පිළිබඳව අපට නිසි අවබෝධයක් නැත.
-
(0)By : Robin Sharma
ස්වර්ණමය හෝරාව – SWARNAMAYA HORAWA
Rs. 1,400.00Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය. එය ඇගේ ජීවිතය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිතුවාය.
ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණ ශීලී සහ අව්‍යාජ උපදේශකයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකරගත නොහැකි සෞභාග්‍යය සහ එමගින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාව ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.
-
(0)By : Robin Sharma
පීඩිතයෙක් නොවන්න.වීරයෙක් වන්න – Peedithayek nowanna.Weerayek wanna.
Rs. 1,400.00Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.ඔබ මිය යා යුතු හේතු කාරණයක් ඔබ හඳුනාගෙන නැත්නම් ඔබ ජීවත් වීමට සුදුස්සෙක් නොම වෙයි. ” යනුවෙන් මාටින් ලුතර් කිං (කනිෂ්ඨ) පවසා ඇත. ‘ඔබ විශිෂ්ටයෙක්’ යන අදහස තහවුරු කිරීම වෙනුවෙන් යමක් කොට මිය යනු කැමැත්තෙමි. ඔබ සිටින්නේ අතීතයේ ජීවත් වූ විශිෂ්ට පුද්ගලයන් විසින් කරනු ලැබ ඇති මග පෙන්වීමට අනුව අපූර්ව කාර්යයක් කිරීමටය. සුවිශේෂ අත් දැකීම් අත්කර ගැනීමටය. විශ්වය තුළ පවත්නා රහස් හෙළිකර ගැනීමටය. එය ඔබට කාවැද්දීමට ඕනෑම දෙයක් කිරීමට මම සූදානම්ව සිටිමි. මේ පෘථිවියේ පුරවැසියෙකු වශයෙන් ඔබේ උපරිම හැකියාව භාවිතයට ගෙන, ආශ්චර්යවත් ප්‍රගතියක් අත්කර ගනිමින් ඔබේ සොයුරු සොයුරියන්ගේ ජීවිත ඉහළට ගෙන ඒම ඔබේ වගකීමක් වෙයි. ස්වභාව ධර්මය විසින් ඔබ කවරාකාරයකින් හසුරුවනු කරනු ලැබුවත්, ඒ ගැන නොතකා, ඔබේ අතීතය ගැන ද නොසලකා. හෙට දිනය සාර්ථක කර ගැනීමට අද දිනයේ කළ යුතු කාර්යය ඔබ විසින් ඉටු කරනු ලැබීම අවශ්‍යය. අපේ වර්ණය, උස මහත, ලිංග භේදය, ආගම්, ජාති අපි ප්‍රදර්ශනය කරමින් සිටිමු.
-
(0)By : Robin Sharma
පොහොසතුන් නොකී කතා – POHOSATUN NOKI KATA
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,280.00Current price is: Rs. 1,280.00.මේ විශ්වයේ බොහෝ දෙනා දුකින් හෝ කළකිරීමෙන් ජිවත් වෙයි. ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා කාර්ය බහුල වූ විට සෙසු සෑම දෙයක්ම අමතක වෙන්න පුළුවන්. එවිට ඔබේ ජිවිතය සමබර වෙන්නේ නැහැ. බහුතරයක් දෙනා තමන්ට ප්‍රමාණවත් තරම් මුදල් සහ දේපළ නැතැයි සිතමින් කම්පාවට පත් වන්නන්. මේ අගහිඟ මානසිකත්වය ” නුසුදුසු තරම් දුක් විඳීම ” ලෙස හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් තමන් සාර්ථක නැතැයි කියා පසුතැවෙනවා. ඒ වගේම අන්‍යයන්ගේ ජීවිත හා සංසන්දනය කොට පසුතැවෙනවා. ඒත් එය සත්‍ය නොවේ. ඔබ සැබවින්ම අද්විතීයයි.
මෙම පොත ඔබව සැබෑ මනුෂ්‍යත්වය කරා රැගෙන යන බව මාගේ විශ්වාසයයි. එසේම මෙය ඔබට ප්‍රීතිය සහ මායාව අත්විඳීමට මග පෙන්වනු ඇත. මම මගේ මනස, හදවත සහ ශරීරය මෙම කෘතිය උදෙසා කැප කළෙමි. සැබවින්ම එය ඔබේ ජයග්‍රහණයේ සෙවනැල්ල වී නම් එය මාගේ අසීමිතසතුටයි.
රොබින් ෂර්මා



