Shenya Fernandz
- 1
-
(0)By : Shenya Fernandz
ලුනා – Luna
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,280.00Current price is: Rs. 1,280.00.ගොඩක් අය කියන කතාවක් තමයි සෙක්ස් තියෙන්නෙ කරන්න’ මිස කතා කරන්න ‘ නෙමෙයි කියල. ඒත් මං වැඩියෙන් කැමති සෙක්ස් ගැන කතා කරන්න, ලියන්න, ඒ වටේ නටන්න. සෙක්ස් කියන්නෙ කරන්න’ තියෙන දේකට වඩා විඳින්න, දකින්න. කියවන්න. පරිකල්පනය කරන්න තියෙන දෙයක් විදිහටයි මං හිතන්නෙ. ඉතින් ඉරොතික පොතක් ලියනවා කියන්නෙම මට රමණයක් හා සමාන අත්දැකීමක්. තනියම ලියනවටත් වඩා තව කෙනෙක් එක්ක ශෘංගාර පරිච්ඡේද ලිවීම කියන්නෙ ස්වර්ගමය ආස්වාදයක්. අපි එකිනෙකාගේ හැඟීම්, ආශාවන්, කියන නොකියන කතාවන් ඇතුළෙන් කාලය හරහා ඉරොතික වියමනක් කරනවා. ඒක භාෂාවේ, සාහිත්‍යයේ හෝ ව්‍යාකරණයේ අභ්‍යාසයකට වඩා අපේ ජීවිත ඇතුළෙන් කැණීම් කරමින්, අපේ ආශාවන්, විපරීතයන් සොයා ගෙන යමින්, ඒවා එකිනෙකා සමග බෙදාගනිමින් කරන තාන්ත්‍රික ගවේෂණයක්. හොඳ, නරක සංස්කරණයන් වාරණයන් ඉක්මවා අපිට කොයි තරම් අපිව විනිශ්චයකින් තොරව බාරගන්න පුළුවන්ද කියන එක ගැන ආදරණීය අත්දැකීමක්. unapologetic කියන වචනෙ ජිවිතය සම්බන්දයෙන් යොදන්න මං ගොඩක් කැමති වචනයක්. විශේෂයෙන්ම ගැහැනියක් තමන්ගේ ජීවිතය දිහා අන්ඇපොලොජටික් විදිහට බලනවා කියන්නෙ මට ඒක ශුද්ධ වූ වායාමයක්. තමන්ගේ ජීවිතය, තමන්ගේ ආශාව වරදකාරිත්වයකින් හෝ පශ්චාත්තාපයකින් තොරව ආඩම්බරෙන් වැලඳ ගැනීම. ලංකාවේ ගැහැනු එහෙම පොත් ලියන්නෙම නැති තරම්. ඒ අය පිටත සිටින පිරිමියාගෙන් තමන්ගේ සිතීමට සීමා පනවා ගන්නවා. තමන්ගේ සුවිසල් වනාන්තර ආත්මය ක්ෂුද්‍ර කරගන්නවා. ඒ වෙනුවට සැබෑ ආත්මයේ සළු පිළි උනා දමමින් පිරුවත්ව වැළඳ ගැනීමට වචන අතර ඉඩදෙන ගැහැනුකම කියන්නෙ නිවර භාවයක්. ලූනා, එහෙම වියමනක්. ගැහැනු සිතක
